අගමැතිගේ ඉල්ලීමෙන් බිත්තර මිල රුපියල් දෙකකින් අඩුවෙයි..

September 7, 2020 at 8:02 am | lanka C news
අගමැතිගේ ඉල්ලීමෙන් බිත්තර මිල රුපියල් දෙකකින් අඩුවෙයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  කළ ඉල්ලීමකට අනුව අද දින සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී දින පැවැත්විණි.

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික ජනතාවට සහන සැළසීම වෙනුවෙන් බිත්තර මිල පහල දමන්නැයි කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළැඹිණි.

ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක් රු.18.00 කට හා රතු බිත්තරයක් රු.18.50 ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගත හැකිය.

නිෂ්පාදන වියදම අධික වුවද  බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවැසීය.

රටේ සමස්ථ බිත්තර නිෂ්පාදනයෙන් සියයට 70ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හරහා බෙදා හැරෙන අතර, අඩුකළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සුදානම් බව අග්‍රාමාත්‍යතුමාට මෙම හමුවේදී දැනුම් දුන්නේය.

බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවකුගේ මිල රු. 350.00ක තරම් ඉහළ මිලක් පවතින නිසා බවත්, එම මිල රු.175.00ක් දක්වා අඩු කර දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළේය.

ඊට ප්‍රතිචාර ලෙස ඒ මොහොතේම මෙම විෂයභාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා සම්බන්ධකරගත් අග්‍රාමාත්‍යතුමා, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ මෙම ඉල්ලීම පිළිබඳව වහා අවධානය යොමුකර ඊට අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය, බිත්තර නිෂ්පාදනයේ නිරත ගොවි මහතුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

9,541 views

9 Comments to “අගමැතිගේ ඉල්ලීමෙන් බිත්තර මිල රුපියල් දෙකකින් අඩුවෙයි..”

  1. Saman says:

    දැන් ඉතින් මෙතුමට බිත්තර ගනන් අඩු කරන්න වගේ ඉල්ලීම් කරන්න විතරයි බලයක් තියෙන්නෙ. 😀 😀

    • Kukula says:

      මේ මිනිහ එකවත් කරා හිටුපු එකා මෙහෙම වත් දෙයක් කරාද ? මහා බැංකුවට ගේම දීල සද්ද නැතුව හිටිය මිසක්.

  2. nihitha says:

    අගමැති තුමා ඕක කියලා කටක් ගන්න හම්බුනේ නෑ
    අපේ පැත්තෙ බ්ත්තරයක් දැන් රු 12යි
    ඔයාටත් රෙස්පට් සර්

  3. narada says:

    පොඩ්ඩක් හිතලා බලන්ට පහුගිය lock down කාලේ බිත්තරයක් රැ 12 ඒ නිෂ්පාදකයාගේ සහ වෙළෙන්දාගේ ලාබයද සහිතවඊ , දැන් 20 නම් ඉතුරු රැ 8 ම අතරමැදියන්ට, නැති කල යුත්තේ මේ mafia එකඊ. නිෂ්පදයකයට සහ සිල්ලර වෙළෙන්දාට ඔවුන්ගේ වියදම් ලාබ කෙසේහෝ ලැබෙන අතර මිල ඉහල පහල දමන්නේ අතරමැද mafia විසිනුඉ

  4. Triter says:

    If they reduce by Rs.2 per egg, reduce the small chicken by Rs.2. This is the type of business people in srilanka.

  5. Mtmmanvar says:

    Parippu, Saman, adukala wage Dina keepayak Ata pamanay neda?

    • opps says:

      අඩුකරපු ගානට ගන්ට එපා, අපහු 22 වෙනකම් ඉදපන්, අනේ බන් පුළුවන් විදියට නේ කරන්නේ. උබලා තාම මහින්ද මහත්තයට බැණ බැණ highway එකේ යන උන්

  6. saman says:

    ජය වේවා. ඒත් මේක විහිලුවක්. රුපියල් 4කින් වැඩිකරලා 2කින් අඩු කරනවා. පාලන මිලක් දැම්මනම් හරි. බිත්තරයක මිල රුපියල් 15/-

  7. Abran says:

    Paw ara puka Iran biththara daana un ….

Main News