අගමැතිගේ උගුලට ජනපති පය තබයි.. පාස්කු බෝම්බ කමිටුවට ප්‍රශ්න කරන්න දින දෙයි..
September 8, 2019 at 3:50 pm | lanka C news
පාස්කු ඉරුදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර පිලිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා එළැඹෙන 20 වැනිදා තේරීම් කාරක සභාව සදහා වේලාව දී ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
එදිනට තේරීම් කාකර සභාව ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මුලින් කියා සිටියේ තමන් කිසිසේත්ම මෙම තේරීම් කාරක සභාව හමුවේ පෙනී නොසිටින බවයි.
ශ්‍රීලනිප ප්‍රකාශකයන් දිගින් දිගටම චෝදනා කලේ මෙම තේරීම් කාරක සභාව පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරයාට පැටවීම සදහා අගමැතිවරයා විසින් අටවන ලද උගුලක් බවයි.