අගමැතිගේ උගුලට ජනපති පය තබයි.. පාස්කු බෝම්බ කමිටුවට ප‍්‍රශ්න කරන්න දින දෙයි..

September 8, 2019 at 3:50 pm | lanka C news
අගමැතිගේ උගුලට ජනපති පය තබයි.. පාස්කු බෝම්බ කමිටුවට ප‍්‍රශ්න කරන්න දින දෙයි..

පාස්කු ඉරුදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර පිලිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා එළැඹෙන 20 වැනිදා තේරීම් කාරක සභාව සදහා වේලාව දී ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

එදිනට තේරීම් කාකර සභාව ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මුලින් කියා සිටියේ තමන් කිසිසේත්ම මෙම තේරීම් කාරක සභාව හමුවේ පෙනී නොසිටින බවයි.

ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයන් දිගින් දිගටම චෝදනා කලේ මෙම තේරීම් කාරක සභාව පාස්කු ප‍්‍රහාරය ජනාධිපතිවරයාට පැටවීම සදහා අගමැතිවරයා විසින් අටවන ලද උගුලක් බවයි.

22,787 Viewers

6 Comments to “අගමැතිගේ උගුලට ජනපති පය තබයි.. පාස්කු බෝම්බ කමිටුවට ප‍්‍රශ්න කරන්න දින දෙයි..”

  1. MD says:

    Rataka Janadipati montisori ganayata watila.Mahinda mahattaya bohoma Parissamen.monama widiyakin wath meyath ekka loku wishwasayakin wada nokarai kiya sitami.

  2. Love nature says:

    මේ වගේ නායකයන් ගැන විස්වාස තබන්න පුලුවන්ද ටිකක් සිතලා බලමු

    • Rata Wenuwen says:

      අප්පයාගෙ ආප්ප රස විඳින්න නැවත අදහස් කර ඇත.
      රනියා මුගෙ මඩුවලිගය හොර රහසේ මුගේ බෙල්ලට දමා ඇත

  3. Ariyathilaka says:

    යමෙක් මිත්‍රද්‍රෝහී නොවන පුද්ගලයාට ලැබෙණ ආනිසංස පිළිබඳව තථාගත බුදුරජුන් විසින් ජාතක පාලියේ තේමිය ජාතකයේ ගාථා දසයකින් වදාරා ඇත. මිත්තානිසංස සූත්‍රය ලෙස ව්‍යවහාර වන්නේ එකී දේසනාවය. වත්මන් දේශපාලනයේ බලයට පත් වූ නායකයින් විසින් තමන් බලයට පත් කිරීමට ක්‍රියාකළවූවන් අමතක කර මිත්‍ර ද්‍රෝහී වීම බලවත් අකෘතකන කමකි. ඔවුන් සියලු දෙනාටම අත්වන්නේ තථාගත දේශනාව අනුව විපාකයන් ය. එනම්:-
    1. යම් පුද්ගලයෙක්‌ මිත්‍රෙද්‍රෝහී නොවේ නම් හෙතෙම තමාගේ ගෙයින් බැහැර යම් තැනක ගියේද කෑම බීම සංග්‍රහ බොහෝ ලබමින් බොහෝ දෙනා ඇසුරු කරමින් ජීවත් වන්නේය.2. හෙතෙම යම් රටකට ගමකට නියම් ගමකට ගියේද ඒ සෑම තැනදී ගෞරවයට පූජාවට පාත්‍ර වේ
    3. සොර සතුරන් ළං නොවේ. රජුගෙන් අවමානයට පාත්‍ර නොවේ. සොර සතුරු කරදර මැඬපැවැත්වේ 4. හෙතෙම කුපිත නොවූ සිත් ඇත්තෙක්‌ව තම නිවසට පැමිණේ. සභාවන්හි ගුණ කියයි. ඥතීන්ට උතුම් වේ. 5. අන්‍යයන්ට ගෞරව සත්කාර කොට තමාද ගෞරව සත්කාර ලබමින් ගුණ වර්ණනාවන්ට කීර්තියට පාත්‍ර වන්නේය. 6. යමෙක්‌ මිත්‍රයන් පුදයිද තමාද එකී පිදුමට ලක්‌වෙමින් යස කීර්තියෙන් බැබලේ. 7.හෙතෙම දිලිසෙන ගිනි මෙන් ඇවිලී ගත්තාක් මෙන් බබලයි. දෙවියකු මෙන් බබලයි.ශ්‍රියා ඉසුරින් සැප සම්පතින් පිරිපුන්ව බැබළෙන්නේය. 8. ගව ආදී සත්වයන් ද වපුරන තාක්‌ පැළ වීමෙන් අස්‌වැන්න ලබයි. දරුවන් විනාශ නෙවේ. 9. ගසකින් පර්වතයකින් ගිලිහුනේද පිහිට ලබයි. අනතුර පිටු දකී. 10. යමෙක්‌ මිත්‍රෙද්‍රෝහී නොවේනම් හෙතෙම මුල් හා අරටුව සහිතව මනා ලෙස වැඩුණු නුග රුකක්‌ සුළඟින් සොලවා බිම හෙළන්නට බැරි අයුරින් සියලු බාධා හමුවේ නොසැලී සිටීමට තරම් ශක්‌තිමත් වේ.
    මිත්‍රෙද්‍රෝහී වූවේනම් ඉහත සදහන් ආනිසංස නොලබත්. එනම් මෙයට ප්‍රතිපක්ෂ දෑ ඒකාන්තයෙන් අත් වනවා ඇත.

  4. Gamini says:

    ,මෙය රනිල් සහ මෛත්‍රී එකට එකතුවී ගහන ගේමකි. අන්තිමේ පොහොට්ටුවට ඇපත් නැතිවේ.

  5. SLCommunity says:

    Onna balannako mokada wenne kiyala. Meya gehin ungen prashna ahai. ethakota okun set eka naspuk wela uda bima balai mokakda me une kiyala. Othana set eke inna okkoma kamba horu neda?

Main News