අගමැතිගේ ජංගි කතාවට දස දෙසින් විරෝධය.. කාන්තා සංගම් පිටින් විරෝධය දක්වති..
March 5, 2019 at 10:00 am | lanka C news
බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ගැන ඇගළුම් ක්ෂේත්රය ට සම්බන්ධ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන කීපයක් හෙළා දැක තිබේ.
සඳුදා (මාර්තු 04) පස්වරුවේ පැවති උත්සවයේදී අගමැතිවරයා මෙසේ පැවසුවේ ඉතා සැහැල්ලුවෙන්, සිනහ මුසු ස්වරයකිනි.
“කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.”
එය කාන්තාවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසින් විග්රහ කරන ඇතැම් කාන්තා සංවිධාන එම ප්‍රකාශය හේතුවෙන්, විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්රයේ නිරත කාන්තාවන් අපහසුතාවයට පත්වන බව ද සඳහන් කරති.
කටුනායක ආයෝජන කළාපය මුල් කරගනිමින් එහි සේවිකාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින “ඩා බිඳු සමුහිකය” එම ප්‍රකාශය තරයේ හෙළා දකිමින් අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අගමැතිවරයා මේ පිළිබඳව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවය.
ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ මේ රටට විදේශ විනිමය ලබා දෙන කාන්තාවන් මෙන්ම රටේ අනෙක් කාන්තාවන්ද අගමැතිවරයා විසින් හෑල්ලුවට ලක්කරනු ලැබ ඇති බවය.
නිදහස් වෙළෙඳ කළාපයේ කාන්තාවන්ගේ ගරුත්වයට එමගින් විශාල හානියක් වන බව ප්‍රකාශ කළ චමිලා තුෂාරි, රටේ පාලකයාගෙන් ජනතාව මෙවැනි අදහස් බලාපොරොත්තු නොවන බව ද සඳහන් කළාය.
ආයෝජන කළාප වල සේවය කරන කාන්තාවන්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විශාල වියදමක් දරා සිදුකරන වැඩසටහන් වලට ද මින් විශාල හානියක් වන බව ‘ඩා බිඳු සාමුහිකය’ පෙන්වා දෙයි.
අගමැතිවරයාගේ මේ ප්‍රකාශය තරයේ හෙළා දකින බව කාන්තා අයිතීන් සහ කාන්තාවන් දිරිගැන්වීම වෙනුවෙන් කටයුතු කරන සවිස්ත්රී කාන්තා සංවිධානය ද පවසයි. සවිස්ත්රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, ආයෝජන කළාපවල කාන්තාවන්ගේ ශ්‍රම සූරා කෑමට අමතරව රටේ පාලකයා ඒ කාන්තාවන් හැල්ලුවට ලක් කිරීමට ද පටන් ගෙන ඇති බවය.
මෙවැනි අදහස් පළකිරීම් හේතුවෙන් ආයෝජන කළාපවල සේවය කරන තරුණියන්ට ගමට යාමේ දී පවා ගැටළු මතුවන බව පවසන ඇය වැඩිදුරටත් කියා සිටියේ, මේ පිළිබඳරටේ කාන්තා සංවිධාන එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවය.
අගමැතිවරයාගේ මේ ප්‍රකාශය ඇඟලුම් සේවිකාවන් කබලෙන් ලිපට දැමීමක් බව, වසර නවයක කාලයක් කටුනායක ආයෝජන කළාපයේ සේවය කරන රෝෂිණි ප්‍රනාන්දු කියා සිටියාය. මේ වන විට සේවක අයිතිවාසිකම් රැසක් කප්පාදු කර ඇති තත්වයක ආයෝජන කළාපවල සේවය කරන තරුණියන් මෙවැනි ප්‍රකාශ හේතුවෙන් මුළුමනින් කලකිරෙන බව ද බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණ වෙළඳ කළාපයේ සේවය කරන ඇය පැවසුවාය.
අගමැති රනිල් වික්‍රමසිංහ එම ප්‍රකාශය කළ අවස්ථාවේ තමන් මෙන්ම අසල සිටි කාන්තාවන් ද ලැජ්ජාවට පත්ව බිම බලා ගත් බව බිංගිරිය දුම්මලසූරිය ප්‍රදේශයේ පැවති එම රැස්වීමට පැමිණ සිටි සුජීවා ලක්මිණි බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
අගමැතිවරයාගේ ප්‍රකාශය සත්‍ය බව කියා සිටි ඇය තමන් එහි ලොකු වරදක් නොදකින නමුත් ඇගළුම් කර්මාන්ත වලට සේවයට යන කාන්තාවනට මේ ප්‍රකාශය හේතුවෙන් උසුළු විසුළුවලට ලක් වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කළාය.
කෙසේ වුවත් යුද්ධයෙන් පසු යාපනයේ සිට ඇඟලුම් ක්ෂත්රයේ රැකියාවලට ගිය තරුණියන්ට යාපනයේ තරුණයන් “සුද්දන්ට ජංගි මහන්න යනවද නංගි ” කියා අපහාස කරන බව තම සංවිධානයට මීට පෙර වාර්තා වූ බව පෙන්වා දෙන ඩා බිඳු සාමුහිකයේ චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියේ, අගමැතිවරයාගේ ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ හෙයින් ඇඟලුම් ක්ෂේත්රයේ රැකියාවක නියුතු තරුණියකට “නිදහසේ පාරේ බැස යා නොහැකි තත්වයක්” රටේ පාලකයා එක් නිමේෂයකින් උදා කර තිබෙන බවය.
– BBC
පුංචි කාර් අක්කා හමු උනොත් මතක් කලා කියාපන්
එන මැතිවරන වලදී එජාපයේ චන්ද ලකුන “ජංගිය”….
එතුමා කල සම්පුර්ණ කතාව අහන්න. එතුමා කියපු දේ හරියට හරි. උපහාසයට උපහාසයෙන් පිළිතුරු දීම. දැන් මේකට විරුද්ධ ඇගලුම් ක්ෂේත්රයේ ඉන්න අයද? මාරයිනේ.
They are the people who feed the country.These Moda fellows have no commonsense even to run the country.Dear girls you are doing a big job and feeding the country. Well done.
Please learn from Imran Khan to be a real leader
1975 දී වියෙට්නාම් යුද්දය අවසන් විය. කෙටි කලකින් ඔවුන් ඇමෙරිකාව, යුරෝපය සමග එක්ව කර්මාන්ත 350 දමා ඇත. අප කරන්නේ කුමක්ද? බිස්කට් කකා උපවාස කිරීම.
බිස්කට් කතාව ඇත්ත වහන්න ගෙනාපු අමු කුහක කතාවක්.
සැබෑ හේතුව හොයා බලමු.
අපි කන්තලේ සිනි කර්මාන්තශාලාවෙන් රටටම සීනි හැදුවා. අපනයනය කළා.
නමුත් දේශපාලුවෝ රටින් සීනි ගෙන්වන වෙළදුන්ගේ කොමිස් අරන් මේක වැහෙන්න හැරියා.
අපි ලංකා ලෝක කර්මාන්ත ශාලාවෙන් රටට අවශ්‍ය ගොවි උපකරණ හැදුවා. උදැල්ය් පිටරට ඇරියා.
නමුත් දේශපාලුවෝ රටින් ලාබෙට අඩු කොලිටි බඩු ගෙන්වන වෙළදුන්ගේ කොමිස් අරන් මේක වැහෙන්න හැරියා.
ප්ලාස්ටික් සෙල්ලම්බඩු, සබන්, කිරිපිටි, මදුරු දැල්, සපත්තු ආදී සියල්ලටම වුනේ මේකයි.
දේශීය කර්මාන්ත රැකගන්නේ නැතිව තමන්ගේ වාසියට විවුර්තික ආර්ථිකය භාවිතා කළා.
Idiotic, petty statement by these women. Truth is SL is good in making under garments and this is a thing that we all should be proud of.
රනිලගෙ ගොට්ටෙක්!
ඉතින් මේ කතාව ඇත්තනෙ… අනික අපහාසයක් කරල තියෙන්නෙ කොහෙද බන්… තනිකරම Appreciate කරලනෙ තියෙන්නෙ ලංකාවෙ තමයි හොඳම වැඩ දන්න කාන්තාවො ඉන්නෙ කියල… මොකක්ද තියෙන වැරැද්ද? හොරෙන් මහනව නෙමෙයිනෙ…
ලංකාවටම මම Wi-fi දුන්නා හා නැද්ද දැන් මම ලංකාවේම ලලනාවන්ට ජංගී දෙනවා හි හි
ජංගි විතරක් ඇඳගෙන විරෝධතා දක්වමු !