අගමැතිගේ තට්ටම ගැන වාසු අලූත් කතාවක් කියයි..

November 25, 2016 at 4:06 am | lanka C news
අගමැතිගේ තට්ටම ගැන වාසු අලූත් කතාවක් කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද නිතීයේ ආධිපත්‍ය උඩ තට්ටම තියාගෙන වාඩිවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර කියා සිටී.

අද පවතින අගමැතිගේ ආධිපත්‍ය අනුමත කල නොහැකි බවද පවසන මන්ත‍්‍රිවරයා අගමැතිවරයා බැදුම්කර මගඩියට විත්තිකරුවෙකු නිසා වහා ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පොලිස්පතිගෙන් ලිපියක් ඉල්ලූවත් අද වන තෙක් පරීක්‍ෂණයක් සිදුවී නැතැයිද කීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දරන තුරු බැදුම්කර මගඩිය ගැන කිසිදු පරීක්ෂණයක් සිදු නොවන්නේ යයිද කී ඔහු අද වන විට කතානායකවරයා, නිතීපතිවරයා පවා ඔහුගේ අණට යටත් බවද සදහන් කලේය.

35 views
Main News