අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක්…
February 8, 2022 at 10:00 am | lanka C news
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනාව සඳහා ගිය සංචාරය පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ එම සංචාරය සම්බන්ධයෙන් තරිදු අමිල උඩුවරගෙදර විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බලමිනි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කොමිෂන් සභාවේ ලේකම්වරිය විසින් පැමිණිලිකරු වෙත ලිඛිතව දැනුම් දී ඇත.
නිදොස්කොට නිදහස් හුරේ 😘😍😂😄👍
මිනිස්සු හිනස්සන්න වැඩ.