අගමැතිගේ විශේෂ ප්‍රකාශය සිරස රූපවාහිනියට දෙහි කපන්නයි.. විනාඩි 20ක සම්පුර්ණ වීඩියෝව මෙන්න..
September 8, 2017 at 1:20 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. එය අරඹමින් අගමැතිවරයා කියා සිටියේ ‘මා අද මේ විශේෂ ප්‍රකාශය කිරීමට අදහස් කලේ පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක්… වහල කියන්න වැඩක් නෑ සිරස මාධ්‍ය ජාලය විසින් මධ්‍යම අධිවේග මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේශ සහගත අවලාද සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත්, ජනතාවටත් සත්‍ය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි’ යනුවෙනි.
විනාඩි 20කට වැඩි කාලය පුරාම අගමැතිවරයාගේ විශේෂ ප්රකාශයේදී මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සිදු කලේය.