අගමැතිගේ සාකච්චාව සතේකට වැඩක් නෑ.. සුපර්මෑන් පනත දකුණේ, සබරගමුවේ පීචං කර පරදයි…
December 27, 2016 at 11:20 am | lanka C news
සුපිරි විධායක ඇමතිවරුන් දෙදෙනෙක් බිහිකරන ප්රතිපාදන ඇතුලත් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දකුණු හා සබරගමු පළාත් සභා දෙකේදී පරාජය පත් කර තිබේ.
දකුණු පළාත් සභාවේදී 33ට 14ක් ලෙස පරාජයට පත් වූ පනත සබරගමුවේදී 20ට 13ක් ලෙස පරාජයට පත් විය.
පනතට පක්ෂව පළාත් දෙකේම ඡන්දය දුන්නේ එජාප මන්ත්රිවරුන් පමණි.
මේ පනත විට ඌව, උතුරු මැද, උතුර සමගින් පළාත් සභා පහකදී මෙම පනත පරාජයට පත්ව තිබේ.
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් පළාත් මහ ඇමතිවරුන් කැදවා මෙම පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කලද පලක් වී නැත.