අගමැතිටත්, අපටත් ඕනෑ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්ථිමත් කරන්නයි.. කෝප් වාර්තාව ගැන නිසි පියවර ගන්නවා..

October 30, 2016 at 8:02 am | lanka C news
අගමැතිටත්, අපටත්  ඕනෑ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්ථිමත් කරන්නයි.. කෝප් වාර්තාව ගැන නිසි පියවර ගන්නවා..

‘යහපාලන ආණ්ඩුව කිසිම වාර්තාවක් යටගහන්නේ නෑ. පසුගියදා ඉදිරිපත් කල කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්න අදාළ නීති අංශවලට යොමු කරනවා’යයි අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි ඔහු මෙසේ කියා සිටියේ මහනුවර කටුගස්තොට පැවති ජනහමුවකට එක්වෙමිනි.

‘යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල මූල්‍ය බලය හා වගකීම රැකීමට කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ කෝප් වාර්තා 30ක් පමණ ඉදිරිපත් කෙරුවා. නමුත් එක වර්තාවකටවත් නීතිය ක‍්‍රියාත්මක වුනේ නෑ. එදා සියලූ වාර්තා කුණු බක්කියට දැම්මා. යහපාලන ආණ්ඩුව කිසිම වාර්තාවක් යටගහන්නේ නෑ. පසුගියදා ඉදිරිපත් කල කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්න අදාළ නීති අංශවලට යොමු කරනවා.

රුපියල් කෝටි 45,000ක වංචාව ගැන එදා විජයදාස රාජපක්ෂ කෝප් කමිටුවේ සභාපති කාලේ පෙන්නුවාග වංචා පෙන්නුවාම එදා සිදුවුනේ එල්ල වුන බලපෑම් හමුවේ කෝප් සභාපතිකමෙන් අස්වන්නයි. එදා සියල්ල යට ගැහුවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලේ කෝප් කමිටුවට පත් කලේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු. නමුත් යහපාලන ආණ්ඩුව එහෙම කලේ නෑ. විපක්ෂයේ මන්ත‍්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කලේ සම්පූර්ණ විනිවිදභාවයෙන් හා නිදහසේ කටයුතු කරගෙන යන්නයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හැමදාමත් මේ ආදර්ශය දුන්නාග 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ අපි කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කලේ විපක්ෂ මන්ත‍්‍රී ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතායි. රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාටත්, අපිටත් සැම විටම අවශ්‍ය වුනේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නයි. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්තිමත් කරන්නයි’

– රජිත සමරසූරිය

0 views

3 Comments to “අගමැතිටත්, අපටත් ඕනෑ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්ථිමත් කරන්නයි.. කෝප් වාර්තාව ගැන නිසි පියවර ගන්නවා..”

  1. ඇත්ත says:

    VAT පෙන්වා සම්මත කර ගත්තා වගේ COPE පෙන්වා රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් හීන් සැරේ සම්මත කර ගනිමු

  2. දුගී_පුරවැසියා says:

    ඕන ගොනෙකුට ඕක කියන්න පුලුවන්.

  3. love nature says:

    පන් විසි දහස් දිවි හිමියෙන් රැකි ලංකා
    නෙක කම්කටොළු විඳ ගැමි කොලු දුක් සංකා
    බිඳ ජන කඳුළු මර බිය සොව සැම දුංකා
    දෙසපලු රැළක් නැසුවයි ජය බිම ලංකා

    පච්ච නීල රඹ දඹ ලෝහිතයි හොරු
    කබ්බ සීන කර රට වුනු කලෙක සරු
    පක්ස පරා රජයන උන් හිත මිතුරු
    එක හොර මුලක් සුරකියි තව කම්බ හොරු

    දෙමළට මරක්කලයට සුද්දට කාසී
    සිහලට හොරා අසිහල හැතිකර වාසී
    දහමට නිගා කර කොවිලට වට දාසී
    ලිපටම තමා චන්දය සුදුසුම ලෙහෙසී

Main News