අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

September 9, 2021 at 12:02 am | lanka C news
අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ යෝජිත සංචාරයේදී ද්විපාර්ශවීය කරුණු කාරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්, පාස්කු ප්‍රහාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සිදුවන බවය.

මේ අතර (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ, කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

විදේශිය රටවල් පවා ඒ වගේ ම ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉටුකොට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනේනට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ජනාධිපතිතුමාට ජූලි මාසේ දොලොස්වෙනිදා දිනය දරණ ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා. මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. මේ ප්‍රශ්නය මගඇරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා. මේ සම්බන්ධයෙන් අපි වතිකානුවේ යුක්තිය හා සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කළින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක්ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ කරුණු ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. මේ රටේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු දූෂිත දේශපාලන ක්‍රමවේදය, දැන් ඒක එක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තියනවා. අපිට මේ රටේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයිද කියලා අපිට සැකයත් මතුවෙලා තියනවා. රටේ නීතිය පිළිබඳ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳ ලිට්නස් පරීක්ෂණයක් වගේ වෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගැනීමේ වැඩපිළිවෙළ. තමන්ගේ පක්ෂෙ කෙනෙක් වුණත් වැරැද්දක් කරලා තියනවා නම් ඒ වැරැද්දට දඬුවම් ලබාදීම සඳහා උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒකයි අපි අවංක දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ව ආරක්ෂා කරගන්න ජ්‍යාතන්තරේට ගිහිල්ලා ජාත්‍යන්තරේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිට කොන්ද තියන මිනිස්සු කරන්නේ. මේ ජාත්‍යන්තරේට යෑම ඉතාමත් ම බාල බොළඳ වැඩක්. දප්පුල ද ලිවේරා නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා නිව්ස්ෆස්ට් නියෝජිතයෙකුට මේක ග්‍රෑන්ඩ් විශාල කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අපිට දැනගන්න ඕන. ජනාධිපතිතුමා බලයට එනකොට වේදිකාව උඩ මොරදුන්නේ මොනවද? එක රටක් එක නීතියක්. දැන් අපිට පේනවා එක රටක් ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක්. ජාත්‍යන්තරේට ගිහිල්ලා ඒක අස්සේ හැංගෙන්න උත්සහ කරන එක බොහොම ළඳබොළඳ වැඩක්. ඒ නිසා අපි අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් කියනවා ඔය බාල්දු වෙන වැඩේ කරන්න යන්න එපා. අපි නෙමෙයි ජාත්‍යන්තරේට ගියේ. ඔබයි ගියේ. අන්න මතක තියාගන්න

ප්‍රශ්නය –

වත්මන් ආණ්ඩුව හොඳ නැහැ කිව්වට මේ ආණ්ඩුව ගේන්නත් හොඳ ගතිගුණ වර්ණනා කරපු කාලයක් තිබුණනේ. ඇයි මේ තත්ත්වෙට වැටුණේ.

කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

මෙහෙමයි වුණේ ඒක. එදා පාස්කු ප්‍රහාරය ඇතිවුණ වෙලාවේ පැවති රජය ඒ පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් ඒ අදාළ පුද්ගලයන්ව සිර භාරයට ගන්න හෝ ඒක වළක්වන්න කටයුතු නොකළ නිසා අපි ඒ රජය විවේචනය කරන පසුබිම තුළ යම් ආකාරයකට අනිත් අය හිතුවනම් ඒක මේ අපි අනිත් අයට සහය දීමක් කියලා ඒක වැරදි අර්ථකතනයක්

– newsfirst

57,929 views

48 Comments to “අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…”

  1. MD says:

    බෞද්ධයන් වශයෙන් අපට ඔබගැන ලොකු පැහැදීමක් තිබුනා ඔබ යම් කාලයක.නමුත් මේ ඔබේ නවතම කොක්ටේල් හැසිරීම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරමි.ජාත්‍යන්තර බළල් අතක් ඔබ පසුපස වැනෙන බවක් පැහැදිලිව දක්නට ලැබේ.කනගාටුයි ඔබ අතහැර දමන්නට සිදුවීම ගැන.

    • NAK says:

      හඩ කාර්දිනල්තුමාගෙ අත?

      • Mahen says:

        Cardinal has lost his respect totally now. He calls for violent protests in the country & now blames the country’s PM & President as rogues.Can he hold on to the top position now as the head of the Catholics? He can’t now work with the government for the benefit of his followers.He calls publicly the head of MS. Is this the way a religious leader act publicly? No wonder Cardinal follow the footsteps of his boss, the creator who is also a man with full revenge, because Adam & Ava didn’t listen to him, he cursed all these hells on us as revenge. Does a PM or the President of the country need his permission to see anyone in the world? Why he is so fearful what the PM would say to the Pope.He can simply say to the Pope this PM coming to tell you all lies so then matter is solved rather than going publicly to humiliate our country, this will be top news in the West. What a cheap character Cardinal has become. Well not surprising when you think of what he represents.

    • Lionel says:

      MD උඔට තේරෙන්නේ නැද්ද මැරැනු මිනිසුන් ගැන දුකක් තියෙන්නේ කතෝලික මිනිස්සුන්ට විතරයි කියල. කාදිනල්තුමා කතා කලේ නැත්නම් මේක නිකම්ම යට යනව. උඹේ ලමයෙක් හරි මේකට අහු වේල මැරැනානම් උඔ මෙහෙම කියවන්නෙ නෑ.

      • Sumangala says:

        කාදිනල් ගේ හැසිරිම ගැන කිසි දෙයක් ඔබට පේන්නේ නැද්ද ?

      • MD says:

        Lionel ඔයාලොකු වැරදි අවබෝධයක් මම ගැන තිබ්බේ.කතෝලික මිනිස්සු විතරක් නෙමයි ඔය පල්ලි වල හිටියේ.සිංහල බෞද්ධයන් කී දෙනෙක් හිටියද පල්ලියේ ඇතුලේ.බෞද්ධයන් බොහොම ගෞරවය දක්වන ස්ථානයක් තමයි කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර.ඵක ඵක අයගේ යම් මත අනුව පන්සල පල්ලිය ලොකු වෙනසක් කරගන්නේ නැහැනේ.ඵ්ක නෙමෙයි මම කියන්නේ අගරදගුරු තුමාගේ කොක්ටේල් ගතිය ගැනයි. ඔහු නෙමෙයි ඔය කථා කරන්නෙ

  2. MD says:

    බෞද්ධයන් වශයෙන් අපටත් ඔබගැන ලොකු පැහැදීමක් තිබුනා යම් කාලයක.නමුත් මේ ඔබේ නවතම කොක්ටේල් හැසිරීම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරමි.ජාත්‍යන්තර බළල් අතක් ඔබ පසුපස වැනෙන බවක් පැහැදිලිව දක්නට ලැබේ.කනගාටුයි ඔබ අතහැර දමන්නට සිදුවීම ගැන.

    • SAMAN says:

      WAHAL BAWEN MIDI NIDASAS MINISEK LE SITHIMATA PURUDU WANNA.
      CARDINAL THUMA ITHA NIWARADIYI.
      AYI ANDUWEN HORAGAL AHULANNE!.
      GINNAK NATHIWA DUMAK NONAGIYI!!

    • obe geniyi puthayi me bombawalin mala nam mehema kiyanawada?????? rajapaksawarung jara wa hodanna epa

      • MD says:

        රාජපක්ෂවරුන්ගේ කෙසේ වෙතත් හරීන්ගේ කුණු හෝදන වැඩේ කාදිනල් අතින් සිදුවෙන බවකි පෙනෙන්නේ.රනිල් සජිත් අදටත් බදුදීන් සුද්ධ කරනවා ඔබලාට
        පේන්නේ නැති ඵක තමයි කරුමේ.

  3. කමල් says:

    මේ අපේ දළදා මාලිගාවට ගැහුවා, ජය ශ්‍රී මහා බෝධිය ළඟ අමු අමුවේ වෙඩි තියලා මැරුණා. ඔයාලා අනේ අපොයි කීවද? යපාලනය නැමැති මිනීමරු ජඩ පාලනය ගෙන ඒමට කඩේ (පල්ලියේදී අනුබල දුන්නු) ගිය ඔබලාට දෙවියන් වහන්සේ විසින් ලබා දුන් තෑග්ග මෙලෙස පිළිගන්න………….. නියපොත්තෙන් කඩන්න තිබ්බදේ, පොරොවෙන් කපන්න ඉඩදීලා ඔබවහන්සේ බලන් හිටියා…..එච්චරයි.

  4. hira says:

    mey sama deyakma sarwabaladari deviyange kamaththa corona harenna. Corona awey athmarthakamithwaya hinda mokada deviyoth missing corona idiriye hinda. Ambo shanthaaaaaaa.

  5. SEN ABEY says:

    මට නං ඇති ආගමක් නෑ. අපේ තාත්තා ඒතියස්ට් කෙනෙක්. හැබැයි එකක පැහැදිලියි.
    කිසිම දේශපාලකයෙකුට නම්ම ගන්න බැරිඋන එකම කෙනා මෙතුමයි. රජයට මෙතුමා ලොකුම හිසරදයක් බව නම් පේනවා. රනිල් ලොක්ක කාරෙකක් දීලත් මෙතුමා එප කිව්වා.
    සමහර සංඝයා වහන්සේලා මුලදී සිංහ නාද දාලා දැං සාටක ලඟ ඇම්බරෙන හැටි දැක්කම පුදුමයි

  6. Nimal Gunawardane says:

    කවුරු මොන අර්ථ කථන දුන්නත් කාදිනල් තුමා හැමදාම එකම ස්ථාවරයක හිටියා. මම කතෝලික ප්‍රජාව නියෝජනය කරන්නෙක් නොවෙමි.

Main News