අගමැතිට අනුව බුදුන් වහන්සේ නිගණ්ඨයෙක්..

July 2, 2019 at 12:00 pm | lanka C news
අගමැතිට අනුව බුදුන් වහන්සේ නිගණ්ඨයෙක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

අගමැතිතුමා නැවත වතාවක් බුද්ධාගම පිළිබඳ සිය දැනුම ප්‍රර්දශනය කරන්න ගිහින් නොදන්නා කම ප්‍රර්දශනය කර තිබෙනවා. එතුමා කියන විධියට උපවාස කරන්නේ නිගණ්ඪනාථපුත්‍රයින් මිස බුද්ධපුත්‍රයින් නොවේලු. නමුත් විනය පිටකය අනුව භික්ෂුන් වහන්සේලා සියළුම දෙනා හිරු අවරට ගිය මොහොතේ සිට නැවත හිරු පායන තුරු උපවාස කළ යුතුයි. ඒ කියන්නේ පස්වරු 12 සිට පසු දා උදෑසන හය දක්වා දිනපතා පැය 18ක් උපවාස කළ යුතුයි. අගමැතිතුමන් කියන්නේ සියළුම භික්ෂුන් වහන්සේලා නිගණ්ඪනාථපුත්‍රයින් ද?

ඒ වගේම පෝය දවසට අටසිල් සමාදන් වන අයත් දවල් දොලහේ සිට උපවාස කළ යුතුයි. ඒ කියන්නේ අගමැතිතුමන්ගේ නිර්වචණයට අනුව සියළුම අටසිල් ඇත්තෝ නිගණ්ඪනාථපුත්‍රයින් ද? අවසාන වශයෙන් බුදුන් වහන්සේත් දිනපතා පැය 18ක උපවාස ශීලය රැක්කා. අගමැතිතුමාට අනුව බුදුන් වහන්සේත් නිගණ්ඪනාථපුත්‍රයෙක් ද?

බෞද්ධයින් පැත්තක තියමු. මුස්ලිම් ජනතාව රාමසාන් මාසයේ දී හිරු පායන මොහොතේ සිට හිරු බැස යන මොහොත දක්වා දිනපතා මාසයක් පුරාවට උපවාස කරනවා. එතකොට සමස්ත ලෝක මුස්ලිම් ජනතාවත් නිගණ්ඪනාථපුත්‍රයින් ද?

මේ සියල්ලටම වඩා උපවාස හරහා දේශපාලන ඉල්ලීම් දිනා ගැනීම ලෝ පුරා ප්‍රචලිත කළ සමස්ථ ලෝකයේම ගෞරවයට පාත්‍රවූ මහත්මා ගාන්ධිතුමාත් නිගණ්ඪනාථපුත්‍රයෙක් ද?

ඒ නිසා පස්දුන් කෝරලය පස් විකුණා ධනවත් වුණා කිව්වා වගේ, තොප්පිගල නිකන්ම නිකන් කැලයක් කිව්වා වගේ, පැරකුම්බාරජතුමන් කුරුදු විකුණා ධනවත් වුනා කිව්වා වගේ මේකත් අගමැතිතුමන්ගේ විහිළු කතා ලැයිස්තුවට එකතු වන තවත් එක් කතාවක් විතරයි.

– අරවින්ද අතුකෝරල

57 views

25 Comments to “අගමැතිට අනුව බුදුන් වහන්සේ නිගණ්ඨයෙක්..”

  1. don katugampala says:

    RANIL KIYANNE “NASTAKAMA PUTHTHARAYEK.’

  2. Ariyathilaka says:

    තථාගත බුදුරදුන් විසින් වදාරන ලද ත්‍රිපිටකයෙහි කිසිදු තැනක, මාරන්තික උපවාස කරන දේශනාවක්, එවැනි කටයුතු පිණිස අනුග්‍රහයක් සහිත දේශනාවක් නැත. විකාල භෝජනය පිළිබඳ ශික්ෂා පදය හෙවත් භික්ෂුන් සිටින ස්ථානයට සූර්යා මධ්‍යාහ්නයට පැමිණීමේ සිට පසුවදා ඉර උදාව වන තෙක් යාව කාලික ආහාර නොවැළදීම පිළිබඳ සික පදය, ඉල්ලීම් දිනා ගැනීම පිණිස, මාරාන්තික උපවාසය පිණිස පනවන ලද්දක් නොව භික්ෂූන්ගේ පාසු විහාරය පිණිස තථාගතයන් වහන්සේ විසින් පනවා වදාරන ලද්දක් බව කිව යුතුය. විනය අනුව ආහාරමය සංඛ්‍යාවට නොයන අෂ්ඨ පාන රෑ මැදියම දක්වාද ගිලන්පස, ගිතෙල්, මී පැණි, වෙඩරු හෙවත් ශුද්ධ බටර්, සකුරු මනුෂ්‍ය නොවන තෙල් වර්ග, ගිලන්පස යන සඤ්ඤාවෙන් ද ඉර උදාවනතුරු ද භික්ෂූන්ට කැපය.වැළදිය හැකිය. බෙහෙත් ඕනෑම වේලාවකට ම කැපය. ධූතාංග පුරන භික්ෂූන් වහන්සේලට ඒකාසනිකාංගය නම් දිනකට එක් වේලක් පමණක් දන් වැළදීමේ ධූතාංගය හා ධූතාංග තෙළෙස භික්ෂූන්ගේ අධිගමයට පහසු පිණිස අනුදැන වදාන ලදහ. ඒ කිසිවක් උපවාස සංඛ්‍යාවට නොයත්. සමන්ත පාසාදිකා විනය අටුවාව ඇතුලු විනය අටුවා, අනෙකුත් සූත්‍ර අටුවා සහිත කිසිදු අටුවාවක භික්ෂූන්ට උපවාසය පිරිය යුතු හැටි විස්තර කරන හැටි දක්වා නැත. සම්බුද්ධ දේශනාව පටු දේශපාලන අභිලාෂයන් යොදා ගැනීමට නොමගින් විස්තර කිරීමෙන් ආර්‍ය උපවාද කර්මය සිදු කර ගැනීමට හේතුය. මේ පිළිබඳ නොදන්නා ජනතාව දේශපාලන පක්ෂග්‍රාහීත්වය මේවා පිළිගැනීම නිසා මහත් අකුසල් සිදු කර ගන්නවා ඇත. දේශපාලනය කරන ඇත්තන් බුදුදහමේ සාධනීය බව සෙවිය යුතුය. නොදන්නා විග්‍රහයන් හිතුමතේට නොකළ යුතුය.

  3. Sun says:

    As a leader he knows nothing about the leadership qualities. Not showing any role model behaviour for the fellow members for guidance. The worst thing is talking about things he does not know at all, misleading everybody and creating inner purification.

  4. Sun says:

    As a leader he knows nothing about the leadership qualities. Not showing any role model of behaviour for the fellow members for guidance. The worst thing is talking about things that he does not know , misleading everybody and creating barrier for inner purification.

  5. Love nature says:

    සමනලයන්ට ආගමක් නැහැ

  6. raja says:

    Samalingika thirisannu

Main News