අගමැතිට අලුත් අවුරුද්දේ මුලින්ම කබ්රාල්ගෙන් දරුණු චෝදනාවක්…

April 16, 2019 at 3:29 am | lanka C news
අගමැතිට අලුත් අවුරුද්දේ මුලින්ම කබ්රාල්ගෙන් දරුණු චෝදනාවක්…

මහ බැංකුව විසින් කළ යුතු කාර්යයන් අද වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට යන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

බැංකු පොලී අනුපාතයන් 2% කින් අඩු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී පවසා තිබුණත් බැංකු පොලී අනුපාත පාලනය කිරීම අගමැතිවරයාගේ කාර්යක් නොව මහ බැංකුවේ කාර්යයක් බවත් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.

අද වන විට රටේම ආර්ථිකය බරපතළ අවුලකට ඇද වැටී ඇත්තේ මේ නිසා බවත් මෙය වහා වෙනස් නොකළ හොත් රටට මහා හානියක් සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අලුත් අවුරුද්දට සුභ පැතීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවසට ගොස් එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

මහා විශාල ආයෝජනයන් සිදු කරන බව දිනපතා තැන තැන කීවද කිසිදු ආයෝජකයෙක් මේ රටට නොඑන බවත් වත්මන් රජය වෙනස් වන තුරු කිසිවෙකු මෙහි ආයෝජනයක් නොකරනු ඇති බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

19,996 Viewers

One Comment to “අගමැතිට අලුත් අවුරුද්දේ මුලින්ම කබ්රාල්ගෙන් දරුණු චෝදනාවක්…”

  1. Randi says:

    පොහොට්ටුවේ කට්ටියෙන් කබ්රාල් විතරයි අගමැතිවරයාට කෙළින්ම කතා කරන්නේ. මේ අවුරුද්දේ අපේ බිස්නස් සම්පූර්ණයෙන්ම කඩා වැටුනා. මේ මිනිසුන් එළවලා දාන්න කවදාද?

Main News