අගමැතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
July 11, 2018 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දේශ හිතෛෂී වෘත්තිකයෝ සංවිධානය විසින් ඊයේ (10 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්වමින් ඊට අදාළ කරුණු රැසක් ගොනු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදුවූ පාඩුව වළක්වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීම සහ විශේෂයෙන් 2016 මාර්තු 29 සහ 30 දිනවල සිදුකළ දෙවන බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය පිළිබඳ වරදට අධි චෝදනා ඉදිරිපත් කළ හැකි බවද දක්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
“දේශ හිතෛෂී වෘත්තිකයෝ” සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ටී.එම්.එන්.ඒ. තෙන්නකෝන් සහ නීතිඥ රාජා ගුණරත්න යන මහත්වරුන් විසින් ඊයේ පෙරවරු 10.30 ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණ මේ පැමිණිල්ල භාරදෙන ලදී.
අල්ලස් කොමිසමට ඊයේ ඉදිරිපත් කළ ලි ත පැමිණිල්ල මගින් බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්වන ප්‍රධාන කරුණු හතක් විස්තරාත්මකව කරුණු සහිතව දක්වා ඇති අතර එමගින් අර්ජුන මහේන්ද්‍රන් (හිටපු මහ බැංකු අධිපති) ආරක්ෂා කිරීමට සහ මෙම ප්රශ්නය යටපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් දැරූ අඛණ්aඩ ප්රයත්නය ද කරුණු අටක් යටතේ දක්වා ඇත.
මේ වංචාව මගින් මහජන අරමුදල්වලට සිදුවූ අතිවිශාල පාඩුව වළක්වා ගැනීමට සුදුසු පියවර ගැනීමට අගමැතිවරයා කිසිදු කැමැත්තක් දක්වා නැති බවද, 2016 මාර්තු 29 දින පවත්වන ලද දෙවැනි බැඳුම්කර ගනුදෙනුව ඉතා පහසුවෙන් වැළැක්වීමේ හැකියාව අග්‍රාමාත්‍යවරයාට තිබුණු බවද “දේශ හිතෛෂී වෘත්තිකයෝ” සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ටී. බී. වීරසූරිය මහතා වෙත මේ ලි ත පැමිණිල්ල යොමුකර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
– divaina
හොඳ වැඩක්. තැන් තැනවල කයි දිදී ඉන්නවට වඩා පිළිවෙලකට මෙහෙම වැඩක් කරන එක වටිනවා. දැන් තියෙන්නේ මේ පැමිණිල්ල විභාග කරන්න කියල ප්‍රෙෂර් කරන එක. අද බැරි උනත් තව මාස 17 කින් මේක විභාග කරන්න පසුබිම රටේ හැදෙනවා.
Mekawa Ara Rajasinghe Raja Indiawata Pituwahal kala wage Pituwahal karala Danna Ona. Nodokin…..
RANIL HORA..RANIL HORA
එක්සත් ජාතික පක්ෂයට බැංකු සුද්ද කරන්න පුළුවන් කියලා නම් දැන් ඔප්පු වෙලා ඇති බවත් ලංකාවේ බැංකු විතරක් නොව දැන් ඔය එක්සත් ජාතික පක්ෂයේ යාලුවෝ එකතු වෙලා තායිවාන් බැංකුත් සුද්ද කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
මහ බැංකුවේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වරදකරුවෙක් නම් වහාම අගමැති ධුරයෙන් ඉවත්කරනු .
හොරු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙමෙයිනේ. පොලිස් කූඩුවේ, එහෙම නැත්නම් වැලිකඩ, එහෙමත් නැත්නම් බන්ධනාගාර රෝහලේ, එහෙමත් නැත්නම් මහ ඉස්පිරිතාලේ බන්ඩාරනායක ගෙවන වාට්ටුවේ. හේතුව අපේ රටේ දේශපාලනහොරු ,සල්ලි ඇති හොරුන්ව අත්අඩංගුවට ගන්නා විට නිතරම හොර ලෙඩ හැදනවනේ
රනිල් නිතරම සිංගප්පුර් යන්නේ දෙමළ කොටි ඩයස්පෝරාව සහ අර්ජුන් බැංකු මගඩියේ මහා හොරා හමුවිමටලු
මේ වගේ හොරෙක් අපේ රටේ අගමැතිලු ..ලැජ්ජයි
ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු මෙරටේ බිහිවූ දූෂිතම
රජය මෙම යහපාලන රජයයි.