අගමැතිට එරෙහි විශ්වාස බංගය සූදානම්.. දැනටමත් 34ක් අත්සන් කරලා..

January 18, 2018 at 6:48 pm | lanka C news
අගමැතිට එරෙහි විශ්වාස බංගය සූදානම්.. දැනටමත් 34ක් අත්සන් කරලා..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට මේ වන විට මන්ත‍්‍රීන් 34 දෙනෙකු අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

මෙම විශ්වාස භංග යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ මහ බැංකු බැදුම්කර සිදුවීම මුල් කර ගනිමින් යයිද ඔහු පවසයි.

ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ ප‍්‍රකාශයේ කරුණු අනුව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කල බවද ඒ මහතා කීය.

ඉදිරියේදී කතානායකවරයාට එම යෝජනාව බාර දීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

0 views

18 Comments to “අගමැතිට එරෙහි විශ්වාස බංගය සූදානම්.. දැනටමත් 34ක් අත්සන් කරලා..”

  1. nimal says:

    ඇයි 34 පමණක් අත්සන් කලේ ? පාර්ලිමේන්තුවේ 220 වඩා සිටිනවා නේද ?
    අනිත් මැති ඇමතිලා හොරුන්ට සහය දෙන අයද ????පිට් පොකට් අගමැති ඉල්ලා අස්වෙනු.

    ratu ali kawadawath atsan koranney naha.unta rata gena nowey orna .kakul 2 depathey tiyagana ali boru karanney. janathwani moley kalpana karala ktiraya gahanna. my3n th ranilta baila keliyata canden passay hoodala geta gannawa kiyaavi.

Main News