අගමැතිට එරෙහි විශ්වාස භංගයට මං තරයේම විරුද්දයි.. ශ්‍රීලනිප මතය මං දන්නේ නෑ..- ශ්‍රීලනිප මහ ලේකම්
March 22, 2018 at 12:00 pm | lanka C news
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය.
“නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ,” කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි.
පෞද්ගලිකව තමන් එම යෝජනාවට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන කරුණත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා විස්තර කළේය.
“මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ. තනි පුද්ගලයෙකුට ඒ වගකීම භාරගන්න පුළුවන් කමක් නෑ.” ඔහු පෙන්වා දෙයි.
– BBC
He has no place to go. Only place available is UNP. Very soon he knows SLFP will be in the hands of Mahinda Group.
මුන්ගෙ UNP කොන්තරත්තුව දැන් ඉවරයි. වැඩි දවසක් නොගිහින් මූ UNP එකට සෙට් වෙනව..
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තියෙන සෝචනීය තත්වය තමයි ඒ ඒ දේශපාලකයන්ගේ පුද්ගලික උවමනාකම් මත ඔවුන් දේශපාලන තීරණ ගැනීම .
උදාහරණක් බලමු යම් පුද්ගලයෙක්ට ඇඩ්රස් එකෙක් නැතිව කන්න බොන්න විදිහක් නැතිව හිටියා, කලේ රියදුරු රස්සාව එහෙමත් නැතිනම් ගබඩාවක් බලාගන්න එක ඔන්න මිනිහා දේශපාලනේ කරලා සල්ලි හම්බු කරගන්නවා දැන් මිනිහට ජයයි හැබැයි අර පහත් පරාදීන මානසිකත්වය නිසා ඇතිවූ හීනමානය තියෙනව නුගත්කම නිසාත් ඇතිවූ හින මානය තියෙනව දැන් මිනිහ කැමති නෑ මිනිහගේ බලය අතහරින්න ඉතින් රට ජාතිය වල පල්ලට ගියත් අර පහත් මිනිහා ගන්නේ තමුන්ගේ බලය රැකගන්න තීන්දු.එකයි එදා දේශපාලනයට ආවේ ජඩ පවුල් වල කොලනි වල මිනිස්සු නෙවෙයි ඉතාම වැදගත් රජවරු හා සමාන මිනිස්සු ඒ මිනිසුන්ට ආත්ම ගවුරවය අභිමානය වැදගත්කම තිබුනා දැන් එහෙම නෙවෙයි පහත තැනින් ආපු එවුන්ට ලැජ්ජාව නෑ අන්න එනිසා තමයි පිටුපස්සට පිහියෙන් අනින ආප්ප කාලා පනින පැලැන්තියේ මිනිස්සු බෝ උනේ ..ඒ කාලේ නායකයන් දිහා බැලුවම ඒ මිනිස්සු හරි ප්රතාපවත් දැන් උන්ගේ මුණ බැලුවම හිතෙන්නේ මේ පිටකොටුවේ මාකට් එකේ නාට්ටාමි කෙනෙක් කියල ඔන්න වෙනස .
අත්තාම කියනවනම් මිට වඩා වැදගත් පෙනුම තියෙන නාට්ටාමිලා ඉන්නවා
Very well said !!
අනිවාර්යයෙන් ම සබිතාගේ බිල්ඩිමට අගමැති හවුල් බව ප්‍රසිද්ධ රහසක්..
මෙ ඔයා දන්නෙ ගංඡා මතේ විතරනෙ
me moda lekam slfp eka winasa karanawa.
ඔන්න SWRD බන්ඩාරනායක වගෙ මිනිහෙක් හදපු පක්ශෙක නූතන මහ ලේකම්. මේකව ආයෙත් ඉස්කෝලෙ යවලා ගන්න ඕනෙ. බූරුවො විශ්වාසබන්ගය ගේන්නෙ චන්දෙ පැරදුනාට නෙවෙයි. චන්ද පැරදුනාම විශවාසබන්ග ගේනවද?
ඔයා කවදත් හිටියෙ ගංජා මතෙනෙ
ඒ කියන්නේ බැඳුම්කර වංචාව පවා සාමුහිකව තමයි කරලා තියෙන්නෙ .
රටට ආදරයක් නැති වසලයෙක් ගමින් පන්නා දමමු