අගමැතිට කොරෝනා යයි සමාජ මාධ්‍ය වාර්තා…

August 27, 2021 at 10:02 pm | lanka C news
අගමැතිට කොරෝනා යයි සමාජ මාධ්‍ය වාර්තා…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වෙයි.

නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් අරලියගහ මන්දිරයේදී තම රාජකාරි කටයුතුවල සෞඛ්‍ය සම්පන්නව යෙදී සිටින බවද ඒ මහතා පැවසීය.

අද පැවති කොරෝනා මර්ධන කමිටු රැස්වීමටද තමන් සහභාගි වූ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

ඉහත පින්තූරයද අද පැවති කොරෝනා මර්ධන කමිටුවට අගමැතිවරයා සහභාගී වූ අවස්ථාවය.

124,403 views

21 Comments to “අගමැතිට කොරෝනා යයි සමාජ මාධ්‍ය වාර්තා…”

  1. kamaladasa says:

    We really wish if it is TRUE, as now these guys should experience what innocent poor people experience and the agony they go through these days in SL. Only in that case Buddhism can be correct-“Karma”, even though too late

  2. Sara says:

    Dear Mahinda mahathaneni, Pl.take care. We don’t want to listen such a pathetic news. You are the only leader in Rajapaksha family who has done a huge service to this country by ending the war. We always respect you for that. Thanx . Theruwan saranai obathumata.!!!

  3. මංගල says:

    රට බේරාගත්ත ජාතික නායකයෙකුට අපහාස කරන saman අපතයෙකුට හෙනගහපිය , බොටත් කොරෝනා සරනයි කියල තමයි..අපිත් ක්සාප කරන්නේ. ඉදකින් සක්කිලියා !

    • ජිම් පුතානෝ says:

      සරත් ෆොන්සේකාට කරපු අපරාධය කවදා හරි පලදෙනවා.බුදු බණ සත්‍යයි.

  4. Susantha says:

    Ape rate minissu echchara ping karalaa na

    • Karu says:

      සමන්, ඔබ 1988ට පෙර රටේ ඉඳ නැති වග පේනවා.කොටි එහේ ගහන කොට කාලකණ්ණි ජප්පන් එක අතකින් මෙහේ බස් ගිනි තිව්වා. ලයිට් මීටර් කඩලා දැම්මා. ගමේ රටේ මිනිස්සුන්ව ගල් උඩ බෝක්කු යට තලල දැම්මා. ඒ අතර කොටි කොළඹට ආවා. මාතරට ගියා. අපි වැඩට ගියාම එන එක ෂුවර් නෑ.එකට මරුණොත් ළමයි අනාථ වෙන නිසා පවුලක අපි වැඩට ගියේ දෙවාරෙක පාරවල් දෙකකින්. ජේ.ආර්ට බැරි වුණා. ප්‍රේමදාස මහත්තයව මරල දැම්මා. බාගදා ඒකට ඉන්දියාව හවුල්. මෝඩ චන්ද්‍රිකා තිබිච්ච එකත් කාල දැම්මා.කොටි මට්ටු කළේ පැන්සන් යන්න හිටි සරත් ෆොන්සේකාව ඉස්සරහට ගෙනත් ගෝඨාභයගෙ සම්බන්ධීකරණයෙන් මහින්ද රාජපක්ෂ කියල කෙනෙක්ගෙ දේශපාලන තීන්දුවෙන්. බැසිල් කියල කෙනෙක්ගෙ ඉන්දියාවත් එක්ක තිබුණ යටි සූත්තරෙන්. මේව තේරෙන්න තරම් ඔබ පිංකරල නෑ. ජප්පන්ට වැදිල තියෙන්නෙත් ඒ සාපයමයි.

  5. රාජන් says:

    තිස් වසරක කුරිරු යුද්ධය නිමකර මෙරටට සාමය රැගෙන විත් මේ රටේ ජීවත් විය යුත්තේ රාජපක්ෂ පවුල සහ උන්ගේ ඇම්බැට්ටයන් පමණක් බවත්, ජාතික ධනය ඇත්තේ තම පවුලේ සාමාජිකයින්ට කොල්ල කෑමට බව සිතන, රටේ ඊළඟ නායකයා විය යුත්තේ තමාගේ මෝඩ පුත්‍රයා පමණක් බව සිතන ගරු අගමැතිතුමනි, ඔබට නිරෝගී සුව ලැබේවා ! දීර්ඝායු වේවා !

    • අරුණ කුමාර says:

      ජාත්‍යන්තර නීති අනුව රටක යුද්ධයකට අවසර දෙන්න පුළුවන් රාජ්‍ය නායකයාට පමණයි. හමුදාවට තනියම කරන්න නෛතික බලයක් නෑ.ඊළඟට සම්පත් සම්බන්ධීකරණය කරන්න ඕනෑ. යුද්ධය පටන් ගත්තා විතරයි නිසා ජේ ආර්ට කරගන්න දෙයක් නැති වුණා. පේමදාස මහත්තයව මරල දැම්මා. එළදෙනක් වුණ චන්ද්‍රිකා හත්පොලේ ගාගෙන හිටියා. මතකද අර ඇනිකට් එක. එතනදි තමයි ඔබ අපහාස කරන මහින්ද රාජපක්ෂ කියන එක්කෙනා ඕනැ විදුලි පුටුවකට අරන් පලයන් කියල කොටින්ට ඇරල දාන්න කිව්වෙ. එතකොට රනිල්ට ගිල්ලවපු සෝල්ඩ් හයිම් කියන කේවට්ටයා කිව්වෙ මිනිස්සුන්ට ඉරණමඩු වතුරට වඩා තව දෙයක් ඕනැවෙලා තියනව කියල. ඒ ගමන්ම-ග අපේ කොල්ලො ටික නතරකළේ නන්දිකඩාල් වලින්. මේව කාලිංඝ-මාඝ ඉතිහාසය වගේම අමතක නොකළ යුතු ඉතිහාසය. කැස්බාවට වියසිදුරෙන් එළිය බලන්න සියක් අවුරුදු යනවලු.මේ වගෙ යුද්ධෙකදිත් ඔය කාරණා ටික සෙට් වෙලා තීරණයක් ගන්න කෙනෙක් එන කල් අවුරුදු තිහක් අපි දුක් වින්ඳා. මම රාජපක්ෂකෙනෙකුට චංදයක් දීල නෑ.ඒත් මහින්දට චන්දය දුන්න කෙනෙක් ඒක අපතෙ ගියා කියල හිතන්න එපා.මම ඔය කියන මෝඩ පුතා ගැන දන්නෙ නෑ. ඒක අනාගතය.මම කිව්වෙ අතීතය.ඉතිහාසය.ඇත්ත සිදුවීම්. රටට සාපයක් වුණ ජප්පෙක් වෙන්න එපා.

      • SALMAL says:

        LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදියාගෙන් අපේ රට බේරාගැනීමට කටයුතු කල පිනට මහින්ද මහතාට කිසිදු දරුණු වෛරස් රෝගයක් ඇති නොවේවා
        නිරෝගී සුව ලැබේවා ! දීර්ඝායු වේවා !…දැන්වත් එලෙසම පවුල් පාලනය නතර කර රට ජාතිය,බෞද්ධාගම ආරක්ෂා කිරීමට කටයුතු කරන්න

Main News