අගමැතිට බැදුම්කර කොමිසමෙන් ප්‍රශ්න පත්තරය යවයි.. උත්තර එවන්න කියයි..
October 18, 2017 at 3:26 am | lanka C news
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නාවලියක් යොමු කොට දිවුරුම් ප්‍රකාශයක් මගින් ඊට පිළිතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බව කොමිසම (17දා) දැනුම් දුන්නේය.
එම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු අනුව අවශ්‍ය වුවහොත් පමණක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට කැඳවීමට බලාපොරොත්තු වන බවද කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වුවහොත් කොමිසම හමුවේ සාක්ෂි දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දිනෙක කොමිසම හමුවේ පැවසීය.
ඒ සම්බන්ධයෙන් දැනුම් දුන් කොමිසම මෙහිදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට මේ වනවිටත් ප්‍රශ්නාවලියක් යොමු කොට ඇති බවත්, දිවුරුම් ප්‍රකාශයක් මගින් ඊට පිළිතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවත් දැනුම් දුන්නේය.
– Ada
මේ වැඩත් හරියට අර ප්‍රබල දේශපාලාඥයාගේ පුතා වෙනම වායු සමනය කල කාමරයක නීතිඥ විභාගයට උත්තර ලිව්වා වගේ වැඩක්.
මේ බැදුම්කර කොමිෂන් අටමගල විසුරුවා හැර වහාම බැදුම්කර මගඩියට සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියෙ නඩුපවරනු. බෙල්ලනවිල නාහිමි මුලදීම සිරිසේනගෙ මූනටම කිව්ව කතාව සම්පූර්ණ සත්‍ය බව ඉතාම පැහැදිලියි. සිරිසේන කූට ලේඛන මතින් ජනාධිපති වීම නිසා ඔහු විසින් පත්කල මේ කොමිසට කිසිඩු නීතයානුකූල බාවයක් නැත. ඔහුගේ ජනාධිපති පදවියත් මුක්තියත් දෙකම අවලංගුයි. මේ සියලුම දෙනාට සාමාන්‍ය නීතිය යටතේ දඩුවම් කල යුතුම වෙනවා.
ඊලඟ ආත්මයේ මටත් ඉතා කුලුපග යහළු අගමැති කෙනෙක් යටතේ යම් රටක මහ බැංකු අධිපති කෙනෙක් වීමට හේතු වාසනා වේවා! සාධු! සාධු!! සාධු!!!
මෝඩයො ඕක කොරියාවෙ, සිංගප්පූරුවෙ, මැලේසියාවෙ වගේ උනානං මෙලහට උන්ට මරණීය දණ්ඩනය දීලත් අවුරුදු 2ක් විතර වෙනව. අනික් රටවල නං හිරේ.
ලංකාවේ වෙන්න කියල පතාපන්.
“මෙම බැදුම්කර වංචාව නිසා රුපියල් ට්‍රිලියනයක්, (හම්බන්තාතොට වරාය වීනයට දී ගත් මුදල මෙන්ගේ 9 ගුනයක්) රටට අහිමි කොට ඇති බව මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවසීය.”
කරුණු එසේ නම් ලංකාවේ සෑම කෙනෙකුගෙන්ම රු. 50,000/=ක් මුන් සොරාකා ඇත.
1,000,000,000,000/20,000,000 = 50,000/=
යවපු ප්‍රශ්ණ පත්තරෙත් එවන උත්තර පත්තරෙත් ඡනතාවට බලන්න බැරිද…?
Yes Is it open to general public like the the proceedings of the commission?
මේ බැඳුම් කර වංචාවට විරුද්ධව නඩු පවරන්න බැරිද ?? මේ කොමිසම කාලය කා දැමීමක් …