අගමැතිට බැන්න ශ‍්‍රිලනිප ඇමතිලා ඉවත් කරනවා නම් මට බැන්න එජාප ඇමලාත් ඉවත් කරනවා..- ජනාධිපති එජාපයට කියයි..

April 6, 2018 at 10:44 pm | lanka C news
අගමැතිට බැන්න ශ‍්‍රිලනිප ඇමතිලා ඉවත් කරනවා නම් මට බැන්න එජාප ඇමලාත් ඉවත් කරනවා..- ජනාධිපති එජාපයට කියයි..

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්‍ෂය ඡුන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ඇමතිවරුන් හය දෙනා ඉවත් කල යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී දන්වා ඇත.

එම ඇමතිවරුන් විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් එක්සත් ජාතික පක්‍ෂය හා අගමැතිවරයාට දැඩිව විවේචන එල්ල කරමින් අදහස් පල කල නිසා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල යුතු යයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ

එම පිරිස ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකගතාවය පල කර ඇත්තේ එකම කොන්දේසියක් මතයි.

අගමැතිවරයාව විවේචනය කරන ලද ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉවත් කරන්නා සේම ජනාධිවරයා විවේචනය කරන ලද එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන්ද කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල යුතු යයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත. එසේ ජනාධිපතිවරයා හා ශ‍්‍රිලනිපය විවේචනය කල එජාප ඇමති ලයිස්තුව තමන් සතුව ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

එම කොන්දේසියත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය පසුබා ගොස් ඇති අතර අවසානයේ සාකච්චාව නිමා වී ඇත්තේ එජාප ශ‍්‍රීලනිල හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා විශයන් බෙදා ගන්නා ආකාරය සම්බන්දයෙන් පක්‍ෂ දෙකේ නියෝජිතයන්ගෙන් යුතු කමිටුවක්ද පිහිටුවීමට එකගතාවය පල කරමිනි.

6 views

8 Comments to “අගමැතිට බැන්න ශ‍්‍රිලනිප ඇමතිලා ඉවත් කරනවා නම් මට බැන්න එජාප ඇමලාත් ඉවත් කරනවා..- ජනාධිපති එජාපයට කියයි..”

  1. bleo says:

    බලාගෙන කඩුව අදින්නෙ, දියලනුවත් කැපිල සරමත් කඩන් වැටෙයි ! නාට්ට්ය අවුල්. සභාවේ හිනා ! (නෑ, රටේ කඳුලු )

    • ඇත්ත says:

      මට ඌ ගහනව….ඌ මට ගහනව…මේ සෙල්ලම බැදුම්කර වංචාව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් කිරීමටය…

      • maraya says:

        ඇත්තටම මේ ජෝඩුව හොදයි යමපාලන කරත්තේ දක්කන්න ..වෙන දෙයකට නම් කිසිම සුදුසු කමක් නැහැ .
        .එකෙක් හොරෙක් අනිකා පබයෙක්
        කියලා වැඩක් නැහැ මේ ජඩ පාලනය ගැන …

  2. Open mind says:

    පිං ඇමැති ල පසුව ආ උන්. ජනවාරි 8 ජයග්රහණයට උර දුන් අයට ප්රතිපත්ති පවා දෙන ඕනෑ එකෙකු ට එරෙහි වන්න හැකි යි. එක එකාගේ පදයට නටන්න සූදානම් උන් පන්නන්න තමා තියෙන්නෙ

    • HOO ! says:

      ඇත්තද ? මයින්ඩ් එක නං වෙන්ඩ බෑ . උඹේ කොතනද බලහන් හාමු ඕපන් කරලා තියෙන්නේ

  3. Sira says:

    Ane palayan yanna. Thopi koyi natake ranga dekwuwath, rata kana eka nam digatama karanawa. Thawa avurudu dekak hitiyoth eelama deela, wilpaththuwa deela, ithiri tika wikunala, thopy pita ratakata paniyi.

  4. රාහුල මල්ලී says:

    දෙන්නා හරියට දෙකේ පංතියේ පොඩි උං දෙන්නෙක් වගේ.. ඔන්න උඹ ගැහුවොත් මාත් ගහනවා..

  5. indunil says:

    asata-asa – balu poraya ediriyata -rata …………..?

Main News