අගමැතිට විරුද්ද වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන බව දන්වයි.. ජනපති හරස් වී නවත්වයි..

April 5, 2018 at 10:16 pm | lanka C news
අගමැතිට විරුද්ද වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන බව දන්වයි.. ජනපති හරස් වී නවත්වයි..

ආණ්ඩුව තුළ අනිවාර්යයෙන් රැඳී සිටිමින් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව ඇමති පදවිවල දිගටම රැඳී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එම ප්‍රකාශය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමඟ අද (අප්‍රේල් 05) ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 05) වෙන වෙනම හමු වී ඇත.

ජනාධිපතිවරයා සමඟ හමුවේ දී ආණ්ඩුවේ ඇමතිකම් දරනු ලැබීම පිළිබඳව සාකච්ඡා වූ බව එම කණ්ඩායම් දෙකේම නියෝජිතයෝ පවසති.

“ඔව්! දැන් අර්බුදයක් මතුවෙලා තියෙනවා. ඒ අනුව අපි ජනාධිපතිතුමාගෙන් ඇසුවා – අපි ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? කියල. මොකද, අපි කැමතියි අවශ්‍ය නම් ආණ්ඩුවෙන් යන්න. ඒත් ජනාධිපතිතුමා කැමති නම් තවදුරටත් ආණ්ඩුවේ සිට සේවය කරන්න කැමති බවත් අපි එතුමාට දැනුම් දුන්නා” පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පවසයි.

ජනාධිපතිවරයාගේ උපදේශය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් තොරව දිගටම ඇමති පදවි දරන අතර, එතුමා දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම පදවි අත්හැර දැමීමට සූදානම් බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න කියා සිටී.

තමන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට පදනම් වූයේ, අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් පිහිටුවා ගැනීම සඳහා ආණ්ඩුව තුළ දැනට සිටින කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින කණ්ඩායම එකට වැඩ කළයුතු බවට පක්ෂය තුළ පැවති මතය බව කම්කරු ඇමතිවරයා සඳහන් කළේය.

“පක්ෂය තුළ වූ එම මතය අනුව දැනට විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබුණ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ආණ්ඩුව තුළ නියෝජනය වෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට සිදු වුනා” කම්කරු ඇමතිවරයා පවසයි.

එහෙත් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් “ජනාධිපතිවරයාත් දැනුම් දී තිබුණ පරිදි විශ්වාස භංග යෝජනා විවාදයේ දී ඡන්දය නොදී සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වූ එකඟතාව” යයි සඳහන් කළේය.

“විශ්වාසභංගය දිනන්න බැරි බව එස්.බී.ඇමතිතුමාත් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමාත් ජනාධිපතිතුමාට කියල තිබුණ. ඒ අනුව විශ්වාස භංග යෝජනා ඡන්ද විමසීමේ දී ඡන්දය නොදීමට තීරණය කරලා තිබුණ” ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

“අපේ කණ්ඩායම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා, විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු තීන්දුව පිළිබඳව අදහසක් දෙන්න කියල. එතකොට ජනාධිපතිතුමා කිව්වා එස්.බී.ඇමතිතුමාත් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමාත් ඡන්දය දීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළ බව ජයග්‍රහණය අපහසු නිසා. ඒ තීන්දුව තමයි අපි ක්‍රියාත්මක කළේ” ධීවර සහ ජලජ සම්පත් ඇමති වරයා සඳහන් කළේය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් නැවත ඇමති පදවි දැරීමේ සදාචාරභාවය ගැන පවා සාකච්ඡා වූ බව ද ධීවර ඇමතිවරයා ප්‍රකාශ කළේය.

“ඒත් පසුව ඔවුන් ඒ මතය වෙනස් කරලා තියෙනව” මහින්ද අමරවීර ඇමතිවරයා කීය.

“බහුතරය සිටියේ ඡන්දය නොදිය යුතුය කියන මතයේ. ඒක පේනවා ඡන්දය ප්‍රකාශ වූ ආකාරයෙන්. කළින් ගත් තීන්දුව අනුව ආණ්ඩුවේ නියෝජනය වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසිපස් දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඡන්දය දුන්නේ දහසය දෙනෙක් පමණයි” මහින්ද අමරවීර ඇමතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා එස්බී දිසානායක ඇමතිවරයා සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

කෙසේවුවද, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සහ ඡන්දය නොදුන් ශ්‍රීලනිප ඇමතිවරුන් දිගටම ඇමති පදවිවල කටයුතු කරන බව අමරවීර ඇමතිවරයා පවසයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් අගමැතිවරයාට ඉදිරිපත් කරනු ලැබ ඇති ලිපිය පිළිබඳව කළ විමසීමට පිළිතුරු දුන් කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න එය විග්‍රහ කළේ “එවැනි ක්‍රියා මාර්ගයක් තුළින් පුරප්පාඩු වෙන ඇමති පදවි ලබා ගැනීමේ ප්‍රයත්නයක්” හැටියටය.

“ජනාධිපතිතුමා එම ප්‍රශ්නය අගමැතිතුමා සමඟ කතා කරලා විසඳාවි. ඒත් ජනාධිපතිතුමා කිව්වොත් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් යන්න කියල අපි ඒකට සූදානම්” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

“ඇමති පදවිවල බලෙන් රැඳී ඉන්න අපේ කිසිම අදහසක් නැහැ” කම්කරු ඇමතිවරයා කියා සිටියි.

කෙසේවුවද, සිය පක්ෂයේ කණ්ඩායමක් විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන අතරවාරයේ තවත් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා විසින් විග්‍රහ කරනු ලබන්නේ “අවාසනාවන්ත සිද්ධියක්” ලෙසය.

ඔහු එය හඳුන්වන්නේ “යම් යම් බලවේග ක්‍රියාත්මක වීමෙන්” සිදු වූ දෙයක් විලසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලන විට අගමැතිවරයාට ඇමතිවරුන් ඉවත් කිරීමේ බලයක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පෙන්වා දෙයි.

“එහෙම අයිතියක් හෝ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාට දීලා නැහැ. කෙසේ වුනත්, කාගේවත් අකමැත්ත තුළ අපි කැබිනට් මණ්ඩලය තුළ රැඳී ඉන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා .ඒ නිසයි අපි එතුමාට කිව්වේ- මේ ගැන තීන්දුවක් ගන්න කියල” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති සෙනෙවිරත්න කියා සිටී.

විශ්වාස භංග යෝජනාව පිළිබඳ මත දෙකක සිටිය ද පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දිගටම ඇමති පදවි දරන බව ඡන්දය දුන් සහ නොදුන් යන පාර්ශ්ව දෙකම කියා සිටිති.

– BBC

199 views

28 Comments to “අගමැතිට විරුද්ද වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන බව දන්වයි.. ජනපති හරස් වී නවත්වයි..”

  1. සේදවත්තේ සුදා says:

    ආප්පයට විශ්වාසභංග ගෙනාවොත් සුන්

    • දර්ශන says:

      ජනපතියා අරගෙන යන්නේ තනිකරම ගේමක් ඕකා බලන්නේ තමුන්ට බලයේ ඉන්න විතරයි.
      මිනිස්සු ඕකාට හෙන ඉල්ලුවට මුළු උගේ ගන්කබර හැත්ත බුරුතටම අපහස කලාට ඌට වගේ වගක් නෑ මොකද ඌගේ ජීවිතේට රට ජාතිය ආගමට වඩා ඌට වටින්නේ නිලය බලය මුදල් .අපි කවුරුත් දන්නවා මුල්කාලේ ජිවිතේ මුකුත් නැතිව හිටපු උන් පස්සේ මොකවත් ලැබුනාම හැසිරෙන විදිය .ඔය ජනපතියා කියල කියන නිහින මිනිහත් හැසිරෙන්නේ අන්න ඒ ක්‍රමයටම තමයි. ඕකා දැන් මෙතන කලේ බොරුවක් එක පැත්තකින් ලෝන් හැලිච්චි කිහිපදෙනෙක්ට චන්දෙ දෙන්න කියන ගමන් මිනිහගේ හිතයිශි සෙට් එකට ඇත්ත කියනවා “මට ඕන්නැති විශ්වාසා බන්ගයක් නෑ ඔන්න ඔහේ ඔහෙලා චන්දෙට එන්නේ නැතිව ඉන්න හිටන් ” කියල එනිසා අර පහත් ගංජා කාරයා බස්කොන්දොස්තරයා ඇතුළු විශාල පිරිසක් චන්දෙට නෑවිත් මග හැරියා හැබැයි ඒ මග හරින එවුන් අර කුණු දතාට කිව්වා ඔන්න බය වෙන්න එපා අපි ඔක්කොම එදාට එන්නේ නෑ හැබැයි සාධාරණයක් කරන්න කියල ..
      දැන් ඉතින් සිරාට බය නැතිව තව අවුරුදු දෙකක් දුවන්න පුළුවන් ඒ කාලේ ඇතුලත ඉතින් රට පාවල දෙන වියවස්තා මීපැණි කියල මුන් ගෙනේවි .සිංහලයාගේ එකම රට නැතිකොලොත් ගමරාලට සහ උගේ හත්මුතු පරම්පරාවටම හෙන වදිනවා බල්ලෝ අන්න එක මතතියාගනින් තොගේ බල තන්හාව පුකෙන් යන්න තොගේ පවුලටම හෙන ගහනවා ජඩයා

      • Gona says:

        My3 is far more civilized. You first need to control your temper and respect President of Sri lanka. You must be a southerner for sure.

        • දර්ශණ says:

          One cannot get respect by force or by is position he will have to earn the respect by his honorable actions.So far president joker of this country had done nothing to get the respect of the people of this country and that is the truth

        • kate says:

          Gona, U are a real gona. My3 is a born cunning man and he almost destroyed our motherland. The words Darshana has used are much better to use for a “Balla” like My3. The results of No-Confidence motion is the plan of My3. He never care about the country. That bugger saved Ranil.

    • kamal says:

      විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග බැදුම්කර වංචාව සම්බන්ධ අධිකරණ කටයුතුවලට මොකද වෙන්නේ….

    • kamal says:

      විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….!
      ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ මහ බැංකු බැදුම්කර චෝදනා, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනාය. ඒ සියලු චෝදනා වලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිදහස් කිරීමටත් අගමැතිවරයා වරදක් කර නැති බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාවක් ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 2 හා 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වේ.

  2. Upali says:

    මගේ විග්‍රහය අනුව මෙය මහින්දගේ තවත් ජයකි. කොපමන යහපාලන මෝඩ සොමි ලදත් මේ විස්වාස බන්ගේට විරුද්දව චන්දේ දුන් ස්‍රීලන්කා මන්ත්‍රීවරු නැවත යහපාලන න් මාරු නොවී කොහොද ඉන්නේ. මහින්ද සමර සින්හ නම් අප ගරු කල චරිතය දැන් හිටගෙන ඉන්නේ ” අප්පච්චි මලෝ” වනි ආරාජික චරිත සමඟ නම් 2020 දක්වා මුලු දේශ පාලනේටම අබ සරනයි.2020 ගෝටා ගෙනවිත් මේ අවුල විසඳමු.

    • Karu says:

      මහින්ද සමරසිංහට ඔබ ගරු කළා නම්, ඒ නොදැන විය හැක.එකක් දෙකක් සිතා බලා වරද නිවරද කර ගන්න. පැරදී ඇත. චිට් මංත්‍රී වී ඇත. කෑදර කමට ඇමති වී ඇත. අර්ජුන අකැමැතිවුණ දේ ඇමති කම තියාගන්න කර ආත්මය පාවා දී ඇත.තවත් අයගේ පුරවැසි හිමිකම් අහෝසි කිරීම ගැනද කතා කර ඇත. රටේ ඉන්න කාළකණ්ණිම ජරාම මනුස්සයකි.

      • kate says:

        100% true Karu. Upali is mad. If I meet Mahinda Samarasinghe face to face, I will kill him. He is such a “Jadaya”

  3. විස්වාසය බන්ගෙන් දිනුවෙ වෙත කවුරුත් නෙවෙයි අර්ජුන් මහෙන්ද්‍රන් බව පසුව හෙලිවිය

  4. රාහුල මල්ලී says:

    දෙගොල්ලෝ රණ්ඩු කර කර ඉන්නවා මිසක් රටට ඡනතාවට වෙන සෙතක් නෑ…. ඇසැර බලව් හිඳ අවදිව.. ලක යයි පිරිහී.. සැහැසි ක්‍රියා නිතර කෙරෙති.. දුසිරිතටම ඇදි ඇදී.. නොඉඳ මෙමර නින්දේ අද.. එනු එනු පිබිදී…. කියලා ලතා මංගේෂ්කාර් සැඩසුළං චිත්‍රපටියට ගැයූ ගීතය අදට කෙතරම් ගැලපෙනවද…?

  5. David Milli-banda says:

    Now the cunning parlimentarians have got exposed as to who or what they are??
    No more deceit & no more cheating and NO MORE VOTES FOR THEM

  6. Buddhist says:

    Shameless ministers and shameless President. Degollantama kinda pays na. Lana nada paradis yanne nathuwa inner.

  7. cami says:

    oya ballawa pannamu!!! hitan………. thoge lamay wath pannamu

  8. Raawana says:

    horu samaga heluwen

  9. Premasiri says:

    Dinim kiyanne ekak peraduma kiyanne ekak.me harak unge lajjawa wahaganna ekath dinumata harawala.gon bayyanta mewa moda choon.

  10. රාහුල මල්ලී says:

    ඔය යූ.ඇන්.පී මන්ත්‍රීවරු ශ්‍රී ලංකා එකේ ඇමතිවරු පන්නන්න දැගළුවට ඒක වෙන්නේ නෑ… අගමැති ඒකට ඉඩ දෙන්නෙත් නෑ.. මොකද ශ්‍රී ලංකා එක එලෙව්වොත් එයාල විපක්ෂයේ වාඩි වෙනවා.. එතකොට විපක්ෂ නායකකම එයාලට දෙන්න වෙනවා… එතකොට සම්බන්ධන්ගේ විපක්ෂ නායකකමට කෙළවෙනවා.. ඒකට අගමැති ඉඩ දෙන්නේ නෑ…අගමැතිව බේර ගත්තේ සම්බන්ධන්… එයාට වෙච්ච පොරොන්දු කඩ කරන්න අගමැතිට බෑ…

Main News