අගමැතිට විරෝධය පා කැබිනට්ටුව වර්ජනය කරන්නට ජනාධිපති මෛත්රී තීරණය කරයි.. එජාපයටත් දන්වයි..
May 7, 2017 at 10:40 am | lanka C news
එන අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවෙන් පසු පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම් වර්ජනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ශ්රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ බව ජනාධිපතිවරයා විසින් එජාපයට මේ වන විට දන්වා ඇති බවත් මීට හේතුව වි ඇත්තේ කැබිනට් සංශෝධනයකට අගමැතිවරයා එකග නොවීම බවත් එහි දැක්වෙයි.
වෙසක් පොහෝ දිනට පෙර කැබිනට් සංශෝධනයක් කරන බවට ජනාධිපතිවරයා විසින් ප්රසිද්ධියේ ප්රකාශ කර ඇති අතර අගමැතිවරයාගේ විරෝධය නිසා එය සිදු කිරීමට නොහැකි තත්වයට පත්ව ඇත.