අගමැතිට සහාය දක්වන අත්සන් ලේඛණය ඇනකොන්ඩා.. තාම සරල බහුතරය නෑ.. විශ්වාස පල කිරීමේ ලේඛණයම විස්වාස බංගය වෙයි..

March 30, 2018 at 12:02 am | lanka C news
අගමැතිට සහාය දක්වන අත්සන් ලේඛණය ඇනකොන්ඩා.. තාම සරල බහුතරය නෑ.. විශ්වාස පල කිරීමේ ලේඛණයම විස්වාස බංගය වෙයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය පල කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් අත්සන් තබමින් ඇති ලේඛණයට මේ වන විටත් 112ක සරල බහුතරය සොයා ගැනීමට නොහැකි වී ඇත.

පසුගිය සතියේ බටන් මෙය අත්සන් කරමින් ඇති අතර පළමු දිනයේදී අත්සන් 68ක් හා ඉන්පසු දින කිහිපයේදී අත්සන් 78ක් දක්වාත් අත්සන් තබා තිබින.

අත්සන් සියයක් ඇතැයි ප‍්‍රකාශ වූයේ සිරිකොතේ පැමිණීමේ ලේඛණයට අත්සන් තැබූ පිරිස මිස අගමැතිවරයාට සහාය පල කල පිරිස නොවන බවටද වාර්තා විය.

කෙසේ වෙතත් අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කර ඇති ලේඛණය මේ දක්වා අන්තර්ජිලයේ හෝ වෙනත් කිසිදු තැනත ප‍්‍රසිද්ද කර නැත්තේ එහි පාර්ලිමේන්තුවේ සරල බහුතරයවත් නැති නිසාවෙන් යයිද වාර්තා වෙයි.

21 views

3 Comments to “අගමැතිට සහාය දක්වන අත්සන් ලේඛණය ඇනකොන්ඩා.. තාම සරල බහුතරය නෑ.. විශ්වාස පල කිරීමේ ලේඛණයම විස්වාස බංගය වෙයි..”

  1. ගන්ජ බන්ඩා says:

    රනිල කපුට්ස්. ජොලි ජොලි. හරිම ජොලී

  2. Asaranaya says:

    උන් ,හිතේශිවන්තයෝ ” පඹයා කෙළා හමාරයි ” නාටකයේ රඟ දක්වන්න ගිහිල්ල, වේලාවක් නැහැ ඩොබි අත්සන් පාර දාන්න, හරිද!

  3. Gayantha says:

    40k wath naithuwa aiti. Dinapu Pradeshiya saba goda daganna bairiwuna ranilta mai kapedi wishwasabangayak goda daganna bai ! Vajirayata anuwa maha chandayak fanna puluwan ranilwa pairadduwot !

Main News