අගමැතිට සහාය පල කරන යෝජනාවට තවමත් අත්සන් 78ක් පමණයි.. 100ක් ඇති කතාව බොරුවක්.. පැමිණිමේ අත්සන් ලේඛණය අවභාවිත කරලා..

March 25, 2018 at 3:22 am | lanka C news
අගමැතිට සහාය පල කරන යෝජනාවට තවමත් අත්සන් 78ක් පමණයි.. 100ක් ඇති කතාව බොරුවක්.. පැමිණිමේ අත්සන් ලේඛණය අවභාවිත කරලා..

අගමැතිවරයට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් සදහා අත්සන් සියයක් ලැබුනේ යයි කියැවෙන ප‍්‍රකාශ සම්පුර්ණ අසත්‍ය බව සමාජ ජාලයන්හි තොරතුරු වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩාම රැස්වූ පසුගිය 22 වනදා පැමිණිමේ ලේඛණයක් මෙන්ම අගමැතිවරයාට සහාය පල කිරීමේ ලේඛණයක්ද මන්ත‍්‍රී කණ්ඩායම වෙත ලබා දී ඇත්තේ අත්සන් කරන ලෙස ඉල්ලමිනි.

සියයක් පමණ පිරිසක් එම කණ්ඩායම් රැුස්වීමට පැමිණ සිටියද විශ්වාසය පල කිරීමේ යෝජනාවට අත්සන් කර ඇත්තේ 68ක් පමණක් බවත් ඊයේ පස්වරුව වන විට එය 78 දක්වා ඉහල නැග තිබූ බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

අත්සන් සියයක් යොදා ඇත්තේ පැමිණිමේ ලේඛනයේ වන අතර එය උපුටමින් අගමැතිවරයාට සහාය පල කිරීමට සියයක් අත්සන් කලේ යයි ප‍්‍රකාශ කරමින් සිටියද එවන් අත්සන් ලේඛණයක් මේ වන තෙක් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක ප‍්‍රසිද්ධියට පත් කිරීමටද කටයුතු කර නැති වීම පුදුමයට කරුණක් යයිද වැඩි දුරටත් දැක්වෙයි.

17 views

4 Comments to “අගමැතිට සහාය පල කරන යෝජනාවට තවමත් අත්සන් 78ක් පමණයි.. 100ක් ඇති කතාව බොරුවක්.. පැමිණිමේ අත්සන් ලේඛණය අවභාවිත කරලා..”

  1. ranjith fernando says:

    ඔය 68% 78% හෝ 100ම කියන්නෙ බැඳුම්කර හොරකමට එකඟයි කියලනෙ. ඉතින් මුන්ගේ නාම ලේඛනයක් හදල තියාගෙන සුදුසු කාලයේදී එලියට දාන්න.

  2. Nim says:

    ONA GONEKUTA BORU KIYANNA PULUWAN.
    MUN BORUWE UPATHA.
    MAGE RATE AWASANA WATA
    PAHALA WACHCHA AYA
    JANATHAWA TA JAYAWEWA
    MAGE RATATA JAYAWEWA
    HORA KAWA APE MUDAL APATA
    LABA GANIMU.

  3. PISSU PUSHA says:

    Walkswagan type Boru Harasayage weda

  4. ruwan says:

    55 k ara gena 78 gana katha karanawa.aduma ganane Mahinda mahaththayawath athsan karala naha.

Main News