අගමැතිට හොදටම පඩි මදි.. මං තාම පර්මිට් එක විකිණුවේ නෑ.. – අගමැති

November 16, 2016 at 1:20 pm | lanka C news
අගමැතිට හොදටම පඩි මදි.. මං තාම පර්මිට් එක විකිණුවේ නෑ.. – අගමැති

තමන් මෙතෙක් තමට හිමි හිමි බදු රහිත වාහන බලපත්‍රයෙන් මෝටර් රියක් ගෙන්වා ගත්තේ නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී පැවති රාවය පුවත්පතේ 30 වැනි සංවත්සර උත්සවය අමතමින් කියා සිටියේය.

තමනටද පුද්ගලික ආදායමක් නොතිබුනේ නම් වාහන බලපත‍්‍රය විකුණා දමන්න වන බවද කී ඔහු මෙරට ඊළග අගමැතිවරයාට වාහන බලපත‍්‍රය විකුණන්න වෙන තත්ත්වයක් ඇති නොකල යුතු බවද කියා සිටියේය.

මෙරට අගමැතිවරයා ලබා ගන්නේ මෙරට මාධ්‍ය ඇතුළු අංශ ප්‍රධානීන්ට ලැබෙන වැටුපට වඩා අඩු වැටුපක් බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේ දැඩි කතාබහට ලක් වූයේ අගමැතිවරයා සදහා වාහනයක් ආනයනය කිරීමට රුපියල් කෝටි 60ක් වෙන් කර ඇති බවයි.

54 views
Main News