අගමැතිතුමනි මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා..- ජනපති ප‍්‍රසිද්ධ වේදිකාවේ අගමැතිට කියයි.. යහපාලන ගෙදර වලිය උණුසුම් වේ..

January 22, 2018 at 10:32 pm | lanka C news
අගමැතිතුමනි මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා..- ජනපති ප‍්‍රසිද්ධ වේදිකාවේ අගමැතිට කියයි.. යහපාලන ගෙදර වලිය උණුසුම් වේ..

‘බැදුම්කර හොරකම කල සියළු දෙනාට විරුද්දව කල යුතු පළවෙනි දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමනි කලයුතු පලවෙනි දේ වෙන්නෙ මේ හොරකම කරපු සියළු දෙනා හිරේ දන්න කටයුතු කිරීමයි කියන එක මං අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඉතා පැහැදිලිව අද කියනව. ගරු අගමැතිතුමනි හිරේ දානවුන් හිරේ දාන්න ඒකට පසුබට වෙන්න එපා. මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා කියල මං ආණ්ඩුවේ විපක්‍ෂයේ සියළු දෙනාගෙන් මං ඉල්ලනව’ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ මහනුවරදී පැවති එක්සත් ජනතා නිදහස් සන්දාන ජනරැුළියක් අමතමිනි.

එම ජනරැළිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුක් කර ඇති වාර්තාව මෙසේය.

***

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.

තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිවරයා අගමැති සහ පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් අද ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා ද්‍රෝහි වන්නේ වංචාවට හා දූෂණයට බව ද කීවේය.

“අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දුන්නේ නෑ. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතුවා. ඒ බව මා හොඳින් දන්නවා”

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට දඩුවම් ලබාදීමට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ පක්ෂ විපක්ෂ සියලූදෙනා තමන්ට සහය ලබාදිය යුතුයි.

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරමින් ඔවුන්ට දඩුවම් ලබාදීම සදහා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ පක්ෂ විපක්ෂ සියලූදෙනා තමන්ට සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ඒ සදහා තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට ඔවුන් කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (22) පස්වරුවේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා කටයුතු කරන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට සහ ඒකාධිපතිවාදයට මෙන්ම පවුල්වාදයට එරෙහිව බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව අසමත් බැවින් තමන් සමග එක්වන ලෙස හිටපු නායකයා කර ඇති ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමන් තෙවරක්ම අසමත් වූ අයුරු අද ඔහුට අමතක වී ඇති බවයි. බලයේ සිටීමට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට ගියේ රටට එල්වී ඇති ජාත්‍යන්තර අභියෝගවලට මෙන්ම අධික ණය බරත් සමග රට හමුවේ තිබූ ආර්ථික අර්බුදයට මුහුණදීමට තිබෙන අසමත්භාවය නිසා වන අතරම, 2015 ජනවාරී 08 වනදා ජනාධිපතිවරණයෙන් ඔහු දෙවන වරටත් අසමත්වූ අතර, ඉන්පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තෙවන වරටත් අසමත් වූ අන්දම ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඒ සදහා ඡන්දය භාවිතා නොකර රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතූ අයුරු ද තමා හොදින් දන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම මහ බැංකු බැදුම්කර වාර්තාව පිළිබද කුමන අන්දමින් කතා කළත් මෙම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2008 වසරේ සිට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දී තිබෙන බව ඔවුන් අමතක නොකළ යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

අද රට කඩනවා, රට විකුණනවා යැයි වේදිකාවේ කෑ ගසන ඔහු ලංකා ඉතිහාසයේ කිසිදු නායකයෙකු සිදු නොකළ අන්දමින් කොළඹ වරාය නගරයට අක්කර 240 ක් සින්නක්කර ඔප්පුවකින් චීන සමාගමකට පවරාදීමට සැලසුම් සකස් කර තිබූ ආකාරයත්. යුද්ධය දිනූ ශ්‍රේෂ්ට රණවිරුවන්ට යුද හමුදා මූලස්ථානයක් අහිමි කරමින් යුද හමුදා මූලස්ථානය පැවති අක්කර 06 ක භූමිය සින්නක්කර ඔප්පුවකින් ෂැන්ග‍්‍රිල්ලා සමාගමට පවරාදුන් අන්දමත් සිහිපත් කළේය.

කන්ද උඩරට ඓතිහාසික 1818 කැරැුල්ල සිදුවී වසර 200 ක් සපිරෙන මේ මොහොතේ රට බේරා ගැනීමට තිබෙන ඊළග සටන ¥ෂණයට එරෙහි සටන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා අද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක අයිතිය සහ උරුමය තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත් නොකිළිටි දේශපාලන ව්‍යාපාරයක් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැ`ද ගනිමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට මෙම පෙබරවාරී 10 වනදා රටේ සියලූ ජනතාව පෙළගැසිය යුතු බවත් ප‍්‍රකාශ කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ මහනුවර දිස්ති‍්‍රක් ජනහමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මධ්‍යම පළාත් පොදු වෙළෙද සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


124 views

53 Comments to “අගමැතිතුමනි මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා..- ජනපති ප‍්‍රසිද්ධ වේදිකාවේ අගමැතිට කියයි.. යහපාලන ගෙදර වලිය උණුසුම් වේ..”

  1. Nimal R says:

    මේක මයිලෝ බොන්නෙත් නෑ.. හැමදාම කැඳ බීල හරියන්නෙ නෑ බ්‍රෝ.. බලය, ජවය,ශක්තිය ගන්න හැමදාම උදේට නෙස්ටමෝල්ට් එකක් බිව්ව නම් ඔහොම ශක්තිය හිඟාකන්න වෙන්නෙ නෑ හිටං !

  2. දෙයියා says:

    ජනපති තුමනි, මොනවාද ඔබ මේ දොඩවන්නේ? රවිට විරුද්ධව බැඳුම්කරය ගැන විස්වාස භංගයක් තිබුනේ නැහැ. ඔහු ඊට කලින් ඉල්ලා අස්වුණා. මතක නැද්ද ඔබමයි ඒක ලෑස්ති කලේ අගමැති සමග කතා බස් කරගෙන.
    මේ දවස්වල ඔබ කියන දේවල් වැඩිය ගණන් ගන්න හොඳ නැහැ කියල හැමෝම කියනවා. ඇයි මේ බීපු මිනිහෙක් වගේ කතා කරන්නේ? එකෙන් රටටම ලැජ්ජයි නේ?

  3. සනත් ඉතාලිය says:

    යකෝ විදායක ජනාධිපති කෙනෙක් පොඩි චන්දෙකට වෙදිකාවක් වෙදිකාවක් ගානෙ මෙහෙමත් කඩේ යාමක් ලජ්ජයි යකො විදායක ය බල්ල මාර්ක් එකට දාලා තමයි මෙකා ගෙදර යන්නෙ

  4. රනිය says:

    අනේ ඉතින් වත්තල ජෝන්ගෙන් ඈහුවනම් ශක්තිය එන පෙත්තක් ගන්න තෑනක් කියයි.

  5. indunil says:

    apranika yahapaalanaya……………….

Main News