අගමැති අද බැදුම්කර කොමිසමේ.. ප්‍රශ්න කලින්ම සූදානම්.. දප්පුලි වෙනුවට නීතිපති ප්‍රශ්න අහයි..
November 20, 2017 at 8:40 am | lanka C news
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් ලෙස සේවය කරන නිතීපති දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළම නිලධාරිනියක් විසින් අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ පෙනි සිටින අගමැතිවරයාගේ ප්‍රශ්න කිරිමට අදාළ කටයුතු ලහි ලහියේ සූදානම් කර ඇති බවට අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
මේ දක්වා එම කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් හරස් ප්‍රශ්න මෙහෙය වු අතිරේක සොලියස්ටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා වෙනුවට රජයේ නීතිපතිවරයා විසින්ම ප්‍රශ්න කිරිමට නියමිතය.
මෙහිදී අගමැති කාර්යාලයේ සේවය කරන විශ්‍රාමලත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය අගමැතිවරයාගේ පෞද්ගලිකත්වය හෝ තනතුර හෑල්ලුවට ලක්වන කිසිදු ප්‍රශ්නයක් නොඇසෙන ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සුදානම් කොට ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.
එහෙත් මෙහිදී ඉතා වැදගත් වනුයේ බැදුම්කර කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙන්ම අනිකුත් විනිසුරුවරයා සම්බන්ධයෙන් ජනතාව දැඩි විශ්වාසයකින් කටයුතු කිරිමයි. ජනතාව බලාපොරොත්තු වනුයේ ඒ හරහා ජනතාවට අහිමි කල කෝටි ගනනක් මුදල්වලට නිසි වගකිවයුත්තන් හසුකර ගැනීමට මෙම කොමිසමේ ක්‍රියාකාරිත්වය උපයෝගී වේ යයි යන්නය.
එමෙන්ම මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම රාජ්‍ය මුදල් වංචාව යහපාලන ආණ්ඩුව තුල සිදු වීමත් ඒ හරහා ජනතාවට අයත් කෝටි ගනනක මුදල් මහා පරිමාණ ජාවාරම්කාරයන් අතට පත්විමත් යටපත් කල නොහැකි වරදක් ය.
විශේෂයෙන්ම මෙරටේ සේවක අර්ථසාධක තැන්පත් මුදල් මෙන්ම රාජ්‍ය බැංකුවල මුදල් මහා දවල් මංකොල්ලකෑම් සදාචාර සම්පන්න ලෝකයේ අනුමත නොකරන ක්‍රියාවකි.
එහෙත් අවසාන වශයෙන් මෙරටේ සිටින මහා යතිවරයෙකු වන මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන් පැවසූ දෙය ද අමතක කල නොහැකිය. එනම් මෙවැනි කොමිසම් පත්කොට රටේ දැවෙන ප්‍රශ්න යට ගැහිමේ උත්සහය සම්බන්ධවයි.
This is absurd why is PM getting special treatment and why has the AG got to ask questions from him. The same officers who led the earliers questions should have done it in this instance too. The AG’s hands will be tied.
Oyata wada hoda nadda Agamathi waraya kandawanne natiwa hitiyanam. owa katada viswasa. Mahajanathawa balan hitiya me anduwa neetiya hamota ekai kiwanisa Agamathigenuth evidiyatama prasna ahai kiyala. dan balagena giyama wenne anek pattane. ane api paw neda meyala.
නිතිය සැමට එකයි කියන පොදු නිතිය ඇයි මුන්ට නැත්තේ ? මූ නිතිය ඉදිරියේ වෙනස් එකෙක්ද ?
ඒ අර බිම්බ නේ. නිතිය හොදට නමයි.
රෙද්දත් නෑ….කලිසමත් නෑ….කොමිසමේ කොන්ද තියේද පුතේ?
අගමැතිතුමා විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කට උත්තර ලබාදීම සිදු කල යුතු වන්නේ එතුමා මෙරට මහජන මුදල් වලට වගකියුතු නිසා . රහස් පොලිසිය විසින් අනාවරණය කර ඇති කරුණු හමුවේ මෙතුමාට අනිවාර්යෙන්ම ජනපති කොමිසමට කට උත්තර ලබාදීමට සිදුවෙනවා.
මහින්ද හිටියනම් ඔය පරීක්ෂණයට රනිල් එන්නෙවත් නැහැ නයෙක් ගහනවා.
Hondai Ara Kadappuliya nathi Eka…
Yahapal