අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි.. කෘෂිකර්ම ඇමති අනුරෑ පොලොවේ ගසයි.. ගොවින් විරෝධතා…

October 21, 2021 at 8:40 am | lanka C news
අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි.. කෘෂිකර්ම ඇමති අනුරෑ පොලොවේ ගසයි.. ගොවින් විරෝධතා…

හේන් ගොවිතැනෙහි නිරත මහියංගණ ප්‍රදේශීය ලේකම්කොට්ඨාසයේ දුශ්කරම ග්‍රාම නිළධාරි වසමක් වන කුකුළාපොල වසමේ සියළුහේන් ගොවීන් එක්ව පමණ ගොවි විරෝධතාවක් පැවැත්වූහ.

එහිදී ගොවීන් සඳහන් කළේ වී වගාව නොකරන තමන් හේන් ගොවිතැනින් පමණක් ජීවනෝපාය සරිකර ගන්නා බවයි.

‘වන අලි කරදරය අපිට කිසි අඩුවක් නැතිව ලැබෙනවා.අපේ වගාවට සමාවක් නැතිව බැට දෙනවා.අමාරුවෙන් බේරා ගන්නා කොටසින් තමයි අපි ජීවත් වෙන්නේ.කොරෝනාවෙන් ඒකත් අහිමිවුනා.අපිට වතුර හම්බවෙන්නෙත් හරි අමාරුවෙන්.අපට වෙනත් ආදායමක් නෑ.එක පාරම පෙහොර නැවැත්තුවාම අපි මොකද කරන්නේ.අපිට කන්න වෙන්නේ මහපොළොවේ පස්.ණය ගෙවා ගන්න බැරිවුනාම වෙන්නේ මැරෙන්න.ඒ නැතුව අපි මොනවා කරන්නද?ඔය කියන කොම්පෝස්ට් වලින් අපි ඔය වැඩේ කෙරුවා.මෙන්න තියෙනවා.කොළාපටින් වැහුණු හනසු විතරක්.බෙහෙතට එක ඇටයක් හොයා ගන්න බැහැ’ යි පැවසූහ.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුදත් බලගල්ල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරුවක් රැගෙනවිත් සිටි විරෝධතාකරුවන් එය පොළොවේ ගසා,අගමැතිවරයාගේ ඡායාරූපයට බඩ ඉරිඟු කවන ලදී.

මේ අතර වීවගාවට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා මහියංගණ පදියතලාව හාර්ගයේ 49 කණුව වෙල්යායේදි දේව කන්නලව්වක් සංවිධානය කර තිබිණි.ගොවීන් හා සමගි ජන බලවේගයේ සහියංගණ සංවිධායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා එක්ව සංවිධානය කළ මෙම දේව කන්නලව්වේදී, ගොවි ජනතාවගේ වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදීමට රජයට හැකිවේවායි ඉල්ලමින් පොල් ගසමින් ප්‍රාර්ථනා කළහ.

– සී.කුමාර,ගිරාඳුරුකෝට්ටේ

11,810 views

7 Comments to “අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි.. කෘෂිකර්ම ඇමති අනුරෑ පොලොවේ ගසයි.. ගොවින් විරෝධතා…”

  1. 3% ට බය බයියා. says:

    යකෝ කුරහං කවපල්ලා.

  2. Dharshana Abeykoon says:

    මෝඩ ගොවියනේ දැන්වත් ඔය විහිලුවැඩ නවත්තපල්ලා. උඹලා උසිගනනලා දේසපාලන වාසිගන්ඩ බලන කුහක බොරැකාරයන්ගෙන් හමිබවෙන දෙයක්නෑ දැන් ගුරැවරැන්ට වෙලා තියෙන අපහාසේ පේන්නේ නැද්ද සමාජයේ අපහාස උපහාසවලට ලක්උනා විතරයි ලැබුන දෙයක් නෑ

    • යුක්තිය සාධාරණත්වය උදෙසා අපි says:

      කාගේ බැලයෙක්ද සහෝ ඔයා.. ඔහොම කඩේ යන්න එපා ඉතින්.පව් ඔයා. කඩේ ගිහින් මදි වගේ.ඉස්සරහට අමුඩේ නැතුව යන්න වෙන්නේ…

      ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් උත්තරේ දාර්ශනිකයි සහෝ.

      ප්ලීස් උඹේ ආන්ඩුවට කියපන් ඔය අනවශ්‍ය ව්‍යාපෘති කාලෙක්ට නවත්තන්න කියලා. ව්‍යාපෘති ගොඩාක් කලා.නමුත් ලාබ ලබන්නේ ඉන් 5%ක වගෙ ව්‍යාපෘති ගානක්…පොඩ්ඩක් හැමදේම අධ්‍යනය කරලා එන්න.

  3. Govi rajune munta asoochi kawapalla

  4. Sinhalaya says:

    Mun goviyo kiwwata bath kana ewwan nove. Amma appa nohadunana jathithdrohiyan.thopita biya seka nethiwa jiewath wanna trasthawadien winasakara ratabera dun ekata mal thiyala wedapiyaw sitina agamethithumata janadipathithumata

  5. Power says:

    රාජපක්ෂ පරම්පරාවේ අවසානය. ආය නම් මතක ඇති කාලෙක රාජපක්ෂ කෙනෙකුට මේ රටේ බලයක් නම් දෙන එකක් නෑ.

  6. 69 MIN BAIYOO says:

    පොහොර තහනම් කරන ලෙස රජයට උපදෙස් දීම සඳහා රතන, පාදෙනිය සහ සබරගමුවේ යාපා වැනි සාමාජිකයින් වගකිව යුතුය. මෙම තීරණය වෙනස් කරන ලෙස කෘෂිකාර්මික වෘත්තිකයින් 102 ක් ජනාධිපතිවරයාට පෙත්සමක් ලියූ නමුත් ඔහු දැඩි ස්ථාවරයක සිටියේය. මේ අය වියත්මගට සම්බන්ධ වූයේ තානාපති තනතුරු, උපකුලපති තනතුරු සහ වෙනත් රැකියා ලබා ගැනීමට මිස ඔවුන් රටට ආදරය නිසා නොවේ.

Main News