රට බාර ගන්න අප සූදානම්.. පලමුව මහින්ද යාපා ජනාධිපති කල යුතුයි..

May 11, 2022 at 12:00 pm | lanka C news
රට බාර ගන්න අප සූදානම්.. පලමුව මහින්ද යාපා ජනාධිපති කල යුතුයි..

දේශපාලන අර්බුදය අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම පක්‍ෂය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී ඔවුන් විසින් එලි දක්වන ලද වැඩපිලිවෙල මෙසේය.

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.
2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.
3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;
(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,
(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.
4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.
I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.
II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.
III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.
IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.
V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

ජාතික ජන බලවේගය
2022 මැයි 11

139,330 views

116 Comments to “රට බාර ගන්න අප සූදානම්.. පලමුව මහින්ද යාපා ජනාධිපති කල යුතුයි..”

  1. bili says:

    88-89 තමන්ගේ පවුල්වල උන්ව අමුඅමුවේ මරපු ජෙජ්පන්ටම රට දෙමු කියන තැනට පත් වෙන්න තරම් අමතක වීමක් ඇති සහ අධ්‍යාත්මයක් නැති තුච්ඡයන් ඉන්න රටක රාජපක්ෂලාට නැවත බලයට පත් වීම සුඵ දෙයක්.

  2. kkair says:

    බොරු කියලා කියලා, මිනිස්සුන්ගෙ හිත් වල ක්‍රෝදය වයිරය වපුරවලා, මුලු සමාජයම දූශනය කරලා බලයට එන්න හදන මේ කාළනණ්නි නම් අප්පිරියයි. මිනිස්සුන්ට කවදා හරි මුන් කරපු දේ තේරෙයි. එතකොට පරක්කු වැඩියි.

    • Tharindie says:

      Rajapaksha’s messed with the wrong generation, Anura fooling the correct generation.

  3. මීට වඩා හොද නැද්ද පාර්ල්මේන්තුව විසුරුවලා අපහසුවෙන් හරි ඡන්දයක් තිබ්බනම්… මිනිස්සු අලුත් තමන් කැමති කෙනෙක් පත් කරගයිනේ. මුං ඇද ඇද ඉන්න විදිහට තව අවුරුද්දක්වත් යයි පාරිලිමේන්තුව රැස්වෙන්න.

    • suren says:

      Idiot,how can you say there will be a clear winner after the election.After election it will be violence all over.

  4. Ratawasiya says:

    People have elected only one person as the president of this country for 5 years ,from 2019 . He is non other than Gotabaya Rajapacksa .We will accept only he as our president, not any one else.

  5. ඇත්ත says:

    71 ආණ්ඩු විරෝධී කැරැල්ලකින් බලය පැහැර තැනීමට උත්සාහ කිරීම
    88,89 භීෂණය මඟින් බලය පැහැර තැනීමට උත්සාහ කිරීම
    2022 රට අරාජික කර බලය පැහැර තැනීමට උත්සාහ කිරීම

  6. Mssilva says:

    Most of ministries activities can be monitored by Gota through the sec who will be appointed by Gota. Previously too ministers were unhappy because their corruptions were revealed to Gota.and Gota changed lot of officials. AKD also does not his activities monitored by Gota and he likes to hide all his failures if government is given to him. Jvp is a very secretive organization and there is no transparency. If they come to power God bless to all including neibouring countries.

  7. HAI says:

    ඉංගිරිසි දන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. ජනාධිපති වෙන්න කල්පනාව. ලෝකයා ඉස්සරහා පච වෙන්න පුලුවන්.

  8. උමාවී says:

    අනුර සහෝදරයා තමයි විසඳුම.. ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් මගින් සියලු සල්ලි කාරයන්ගෙන් බදු අයකරගෙන අමාරුවෙන් ඉන්න ගැමි ජනතාවට සහන දිය යුතුයි. කොළඹ කෙල්ලෝ කොල්ලො සැප ගන්නයි ගමේ එවුන් කටුකන්නයි බෑ

  9. sam says:

    Take over the country !! you should be charged and put into jail and thrown the key into the ocean for organising, instigating, and planning to destroy property, harming and killing people. You should never be allowed to go free for what he did no matter how long it takes. When you cannot come to power in a democratic way this is what you do you asshole.

  10. Kumudu says:

    Tho wage mini Maru ballekuta rata denna punchi ammata kelapu ekata amma laggakda Pala minimaru ballo yanna..

Main News