රට බාර ගන්න අප සූදානම්.. පලමුව මහින්ද යාපා ජනාධිපති කල යුතුයි..

May 11, 2022 at 12:00 pm | lanka C news
රට බාර ගන්න අප සූදානම්.. පලමුව මහින්ද යාපා ජනාධිපති කල යුතුයි..

දේශපාලන අර්බුදය අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම පක්‍ෂය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී ඔවුන් විසින් එලි දක්වන ලද වැඩපිලිවෙල මෙසේය.

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.
2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.
3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;
(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,
(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.
4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.
I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.
II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.
III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.
IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.
V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

ජාතික ජන බලවේගය
2022 මැයි 11

139,413 views

116 Comments to “රට බාර ගන්න අප සූදානම්.. පලමුව මහින්ද යාපා ජනාධිපති කල යුතුයි..”

  1. nilu perera says:

    No single person (other than 3%) like you to take any role in government.
    Your JVP party, kill innocent fathers in front of wives and kids.
    You deserve lifetime imprisonment.
    Your all party members are inhuman and idiots.

    • Paul m emanuel says:

      ඔබ 100% නිවැරදියි. JVP කපටි කයිරාටික මිනී මරු නරි රැළ. බුරන කට හැකරයා.

  2. Lakmal says:

    Dear Anura, you cannot become a prime minister with 3%. Most importantly, if you do not understand it, then you have proved by yourself that you are not eligible for it – person who wont understand it is an idiot!

  3. මහ ලොකුවට කයිවාරු ගැහුවාට එකෙක්ටවත් අගමැති ධූරය බාරගන්න කොන්ද පන නැහැ. ආයෙමත් එලවපු මයිනාටම අගමැතිකම බාරගන්න වෙන ලකුනක් තියෙන්නේ. හපෝයි කරගත්ත දෙයක්.

  4. අංකූරා says:

    මල්ලි ⁣වැඩේ නොකෙරෙන්නමනෙ කතාව. ඉදිරිය බැරෑරුම් හින්දා කොඳුරුතෙල් හොයනවා. හොරගෙඩිය !.

  5. JR says:

    ගිහින් අපාය බාර ගනිං… පක්ෂ ප්‍රතිපත්ති අනුව අම්මඅප්ප වුනත් මරන කාලකණ්ණි තක්කඩි අඩුකුලේ පරහැත්ත ඉන්නකං රට ඉවරයි. ජවිපෙ මලගම වෙනකං රට හදන්න බෑ…

Main News