අගමැති එලවන්න සහාය දෙන්නැයි අමරවීර ඒකාබද්දයෙන් රහසේ ඉල්ලයි..

August 15, 2018 at 6:48 pm | lanka C news
අගමැති එලවන්න සහාය දෙන්නැයි අමරවීර ඒකාබද්දයෙන් රහසේ ඉල්ලයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ඇත්තෙන්ම ලැජ්ජා වෙන්න ඕනේ අප නොවෙයි. මහින්ද අමරවීර මැතිතුමායි. මහින්ද අමරවීර මැතිතුමා තමයි අපව මුලින්ම හමුවෙලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව එලවීමේ සටනට සහාය දෙන්න කියලා අපෙන් ඉල්ලුවේ. ඒ අනුව තමයි අපි අගමැති එලවන සටනට බැස්සෙ.

අපෙන් ඉල්ලීම කරන්න ආපු මහින්ද අමරවීර මැතිතුමාවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහි විශ්වාසභංගයේ දී ඡන්දය පාවිච්චි කරන මොහොතේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඒ නිසයි අගමැතිතුමන් එළවාගන්න සටන පරාජයෙන් අවසන් වුණේ.

එතකොට අගමැති ඉවත් කරමු යැයි සටන් කරලා, පුංචි ඡන්ද වේදිකාවේ අගමැතිතුමාට බනින්න පුළුවන් ඉතාම නරක භාෂාවෙන් බැනලා, පුංචි ඡන්දෙදි ජනතාව රවට්ටලා ඡන්ද බොහොම සොච්චමක් අරගෙන, ඔවුන් සටන අත ඇරියා. අපි ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරන්න උපරිමයටම කටයුතු කළා.
නමුත් තමුන්නාන්සේලා දන්නවා අපිට දැන් තියෙන්නේ මන්ත්‍රීධූර හැත්තෑවයි. අගමැති ඉවත් කිරීමට නම් මන්ත්‍රීධූර 113 ක් අවශ්‍යයි. එම මන්ත්‍රී ධුර 113 නැති කළ මහින්ද අමරවීර මැතිතුමා තමයි අපෙන් අහන්නේ අගමැති එළවනවා කිව්වා නේද කියලා. ඔව් අපි කිව්වා තමයි.

තමුන්නාන්සේලා එහෙට මෙහෙට නැමෙන් නැතිව කොන්ද කෙළින් තියාගෙන හිටියනම් මෙලහටත් අගමැති ඉවත් කරලා.

– අරවින්ද අතුකෝරල

46 views

11 Comments to “අගමැති එලවන්න සහාය දෙන්නැයි අමරවීර ඒකාබද්දයෙන් රහසේ ඉල්ලයි..”

  1. Hari says:

    Thamunta alawana barie nam mokkatada ANUNGE SAHAYA

    • Kamal says:

      ආ..ඒ කියන්නෙ අමරය හොදයි නේද?….ඒකාබඩ්ඩය කවදා පාඩම් උගනීවිද?

  2. Kamal says:

    Udin Mithuru, Yatin Hathuru!

  3. David Milli-banda says:

    Kondostharaya bus elawanna hadanawa wage ticket kadanne nathuwa.
    Notho-king may kondostharaya……..

  4. සිරිතේක්කු says:

    ඇයි අර කාගෙද අසනීපයක් ගැන කියල තියෙන නිව්ස් අයිටම්
    එකට කොමෙන්ට් දාන්ඩ අවස්ථාවක් දීල නැත්තෙ?

    අපරාදෙ, වසරේ හොඳම කොමෙන්ට් ටික කියවන්ඩ තිබුන අවස්ථාව නැතිවුනා.

    • John the baptice says:

      අපේ රණවිරුවන් සිරගෙදරට පෝරකේට යවපු ඒ පුද්ගලයට ලජ්ජා නැද්ද හමුදා රෝහලට ප්‍රතිකාර ගන්න යන්න

  5. Love nature says:

    කොට බල්ලාගේ හාදකම වගෙයි

    (බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි. එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක)

  6. podu says:

    එකට කොමෙන්ට් දාන්ඩ අවස්ථාවක් දීල නැත්තෙ

  7. REAL MAN says:

    Do not believe this bus conductor….

  8. Modaya says:

    Adu kule paraya……..

Main News