අගමැති ගත් කොරෝනා භූමදාන තීන්දුවත් රිවස්…?

February 12, 2021 at 10:40 am | lanka C news
අගමැති ගත් කොරෝනා භූමදාන තීන්දුවත් රිවස්…?

කොරෝනා මෘත දේහයන් භූමදාන කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත් ප්‍රකාශයක් ලෙස සලකන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව සිටින බවත් එය වැදගත් දේශපාලනයකුගේ වැදගත් තීරණයක් බවත් ඒ මහතා පැවසීය.

මෙරට සුළු ජාතික ජනතාව වෙනුවෙන් රටේ සංහිඳියාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා එය අවබෝධ කරගෙන ඇතැයිද ඔහු පැවසීය.

නමුත් එම තීරණය ආපස්සට හැරවීමේ සූදානමක් සිදු වෙමින් ඇති බවද පැවසූ ඔහු අගමැතිවරයාට ඉහළින් තීරණ ගන්න ඉන්නේ කවුදැයි විමසීය.

පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.

72,172 views
Main News