අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

April 23, 2022 at 8:40 am | lanka C news
අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා සහතික විය.

“ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත්” චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහි දී සහතික විය.

නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීම, මෙරට වෙළඳ හිඟය අවම කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් චීන සංචාරකයින්  ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක්විය.

“දෙරට අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අපි එක්ව වැඩ කරනවා” යැයි චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“මේ මොහොතේ ඔබ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අපට හැඟීමක් තිබෙනවා. එම දුෂ්කරතා මගහැරීම වෙනුවෙන්ද අපි එක්ව කටුයතු කරන්නෙමු”යැයි චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා  මෙහිදී කියා  සිටියේය.

චීන රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කළ මෙරට වෙනුවෙන් පිරිනමන මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චීන රජයට සිය ස්තූතිය පුද කළේය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

30,040 views

8 Comments to “අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..”

  1. Manuka says:

    China aid aragena highway hadanawa. Eta passe rata sanwardanaya kara ? Highway haduwa ape hamuduruwane kiyanawa sangaya wahansela stage eke thiyagena. China aid Ratata aragena komis kutti gannawa. neda ?

    • ජන්දදායකයා says:

      රටේ තවත් ජාතික සම්පතක් චීනෙට විකුණන්න හදනවද ? බලයට පැමිණි ගමන් කලේ ශෑන්ගිලා hotel එක අවට ඉඩම් ඒ හෝටලයට විකිණීමයි ,මුළු රටම චීනෙට ඉන්දියාවට විදේශීය රටවලට බදු දුන්නා ,විකුණුවා ..තමන්ගේ ගිණුම් තර කර ගත්තා ..නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා වල මුදල් රජ සන්තක කරන්නේ නැත්තේ මන්ද ? රාජපක්ෂ පවුලේ බූදලයට ඒවා අයත්
      නිසාද ?මෙහෙමත් ණය හිගාකෑමක් ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද මහින්දට

  2. රජපක හොර හැත්ත සහ දූෂිත බල්ලන් පන්නමූ,.! says:

    චීනය අමරිකානු ගැති හොර නඩය රජපක පාදඩයන් බළයෙන් පන්නා දමන තුරු ඉවසා සිටිය යුතුයි,! ඒ ශ්‍රීළංකාවේ ජනතාවටද වංචා කරනා ළද රජපකයන් ගේ කුහකත්වය වෙනුවෙන් ශ්‍රීලාංකික අපගේ බළවත් කනගාටුව චීනය වෙත පිරිනමන අතර අමෙරිකානු ගැති ඉන්දීයානු රජපක හොරිකඩයන් පන්නා දමන තුරු ඉවසිළිවන්තව සිටින ලෙස මිතුරු චීනයට යෝජනා කරන්නෙමු,.!

    • සුදුපරවියා says:

      Please ,Avoid China lending money to Mahinda or Pohottuwa Government

  3. mgj says:

    very easy to obtain commission from China aid. now we have IMF aid and china aid and people don’t know from which aid lost as commission. base on this situation we will lost IMF because that evaluation confuse with china aid.

  4. ගෞම් ඊයාරාජ් says:

    නාකී මයිනා බලේට එනකන් ලංකාව ණය ගත්තේ ලොකයේ ප්‍රචලිත රාජ්‍යන් හරහා හො ආයතන හරහා සහන පොලියට ණය , සංවර්ධන වියාපෘති කලේ බොහොමයක් ණය ආධාර යටතේ , මහවැලිය , රොහල් , පාර්ලීමේන්තු පරිශ්‍රයන් , සහ වෙනත්. එවැනි වියාපෘති බොහොමටක් ඵලදායි සහ අවම පොලියක් යටතේ සහන කාලයන් ඔස්සේ , එවැයින් දේශපාලකයට සහ ස්ට්ටැබියන්ට යන කොමිස් මුදල අතිශය අවමයි , නාකී මයිනා ඇවිල්ලා පටං ගත්තා චීනේ එක්සිම් බැංකුවෙ ඉදලා අදික පොලියට ණය දෙන වාණිජමය ආයතනය වලින් ණය ගන්න , ණය අරගෙන ,කොමිස් කුට්ටියකුත් කාලා , කටු ටිකක් රාජ්‍ය නිලධාරීන්ට විසිකරලා හදාගත්තා , රට ණය කරන යාන්ත්‍රනේ ! එව්වගේ ප්‍රතිඵල අද රටේ ජනතාව බුක්තී විදිනවා ! පවුල සහ ගජමිතුරො ටික ශශ්‍රිකව වැජබෙනවා ලංකාව අද ආසියාවේ උද්දමනය වැඩිම රටවල් අතර හතර වෙනි ස්ථානය. න්දෙකින් කාලකන්නීයා !

  5. ගමරාල says:

    හොරුන්ට තවත් ණය දෙන්න එපා, ඔව ගෙවන්න වෙන්නෙත් අපට.

  6. D.Nimal says:

    The People’s Republic of China came support dat People Republic of China was founded by CPC leadership Mao Zedong in 1949 . Having Rice- Rubber Pact was one of that .
    From 1957 PRC was our closes friend People of Sri Lankan after establishes Diplomatic Relationship with Island country. Yes Mahinda R.. govt had very good relationship with PRC since year 2005.

Main News