අගමැති ධුරය අතහරින්න සූදානම්..- මහින්ද කියයි..
November 17, 2018 at 9:20 am | lanka C news
තමනට එරෙහිව විශ්වාස භංගයක් නීත්‍යානුකූල ලෙස විධිමත්ව සම්මත කරන්නේ නම් ධුරය අතහැර යාමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුව අද වෙද්දී නාඩගම් මඩුවක් හා සමාන තත්වයට පත්ව ඇතැයිද ඔහු කියා සිටී.
කසාගල පුරාණ විහාරස්ථානයේදී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මන්ත්රීවරුනට තම විරෝධය පල කිරීමට අයිතියක් ඇතත් පිහියක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්දයෙන් පියවර ගත යුතු යයිද ඔහු සදහන් කරයි.
ඇතිව තිබෙන අර්බුදය පාර්ලිමේන්තුවේදී විසදා ගත නොහැක්කේ නම් ජනතාව ඉදිරියට යා යුතු බවත් අගමැතිවරයා කියා සිටී.
මුන්ට අවශ්‍යය බලය විතරයි අපිට කෙළ උනත් කමක් නැත……………………… මුගේ නියරියත් ඒකයි…………….
AMATHI DUREN ATHA ARINNA ISSARA PANNAWALA DANAWA