අගමැති පන්නා නව අගමැති යටතේ අන්තර්වාර ආණ්ඩුවක්.. ඒකාබද්දයේ සහයෝගය..
May 16, 2017 at 3:00 pm | lanka C news
සිදු කරන බව කියන කැබිනට් සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර සියල්ලන්ගේම විශ්වාසය දිනු අයෙක් අගමැති ලෙස පත් කරන්නේ නම් නිල කාලය අවසන් වන තුරු අන්තර්වාර රජයක් පවත්වාගෙන යාමට සහාය දීමට ඒකාබද්ද විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අන්තර්වාර රජයක් යටතේ මැතිවරණ පැවැත්වීමටද හැකි වනු ඇතැයිද කී මන්ත්‍රීවරයා සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා වුවත් පලවන මාධ්‍ය වාර්තා අනුව වත්මන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කවුරුන්දැයි ගැටළුවක් ඇතැයිද සදහන් කලේය.
කොලඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.