අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර පත් කරයි…

September 10, 2021 at 2:05 am | lanka C news
අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර පත් කරයි…

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර තිබේ.

උදිත් ලොකුබණ්ඩාර මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 09 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ලබා ගත්තේය.

උදිත් සංජය ලොකුබණ්ඩාර මහතා කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙටු පුත්‍රයාය. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැසක නියෝජිතයකු ලෙස කටයුතු කළ උදිත් ලොකුබණ්ඩාර මහතා කලක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළේය.

2015 මැතිවරණයෙන් පසුව පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ද සේවය කළ ඒ මහතා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හැදෑරූ උදිත් ලොකුබණ්ඩාර මහතා ලන්ඩන් වාණිජ මණ්ඩලයේ අලෙවිකරණ ඩිප්ලෝමාව සහ වරලත් අලෙවි කළමනාකරණ වෘත්තියවේදියෙකු ලෙස ද කටයුතු කර ඇත.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

29,987 views

18 Comments to “අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර පත් කරයි…”

  1. කිරිමල්දෙනිය​ says:

    හරිම සෝක්.. ඡන්දෙන් පැරදිච්ච මෝඩ මී හරක් ටික පෝලීමේ වරෙව්. අප්පච්චී අන්න දේපල බෙදනවා..
    මේ වගේ කාලකන්නි පාලනය කරන රටක ඉපදුනු එක අපේ අවාසනාව​..
    විජ්ජාවෙන් ජනයා මුලා කරන වී. ජ​. මූ. ඌව පාලත කාපු හෙල හවුලා.. උගේ පුතා ජාත්‍යන්තර ඉස්කෝලේ..
    තවත් මේ වගේ දේශප්‍රේමීන්ට රැවෙටෙන්න​…
    අපේ ජනපති තුමෝ.. තැන්ක්‍යූ වේරි මච්..
    අපි පටි තද කර ගන්නම්.. මහත්තයෝ.. පහතටත් නැමෙන් නම් ..
    ඔයාලා අරින්න​..
    එනිවේ තැන්ක්ස් සර්…

  2. ගෞම් ඊයාරාජ් says:

    ඕ ඕ බුරූ පුතාට අධීක්ෂණ් මන්ත්‍රීලා පනහක් දීලා රේටින්ග්ස් අප් කරලා ගන්න , මේ වගේ මෝඩ බුරූවොත් දාගෙන ආතල් ගන්න රටේ ඔනෙ තරං සල්ලි තියෙනවනං , අංගොඩ ඉන්න ඔනේ මානසික රෝගියො ටිකක් රට පාලනය කරනකොට ඔහොම වෙනවා උම්මාද බෛයනේ.

    ප.ලි: ලොකුබණ්ඩාරයා අනිවාර්යයෙන්ම මොඩ බුරුවෙක් වෙන්න ඔනේ , දෙවෙනි පාරටත් නාකි මයිනගෙන් පීචං වෙන්න යන්න. 😂😂😂

    • saman says:

      Ithama niwadi arthadakwimak !
      buru moda puthageth anthima amathikama mekayi !.enapara e gon wassata apath naha !!
      ounge budalayada lankawa ??

  3. sam says:

    Thawath Gon wassek thamai…….ohoma yan ….wedi dura yana ekak na….

  4. හපුතලේ ඩිංගිරිමැණිකේ says:

    අපේ විජමු දේශපාලන වශයෙන් විනාශකළ බූරැපුතා තමයි මූ.

  5. Amda says:

    දැන් ඉතින් මෝඩ යකා ආයිමත් සෙකියුරිටි කාරයො වටකරගෙන සිනමන් එකේ ඩිනර් ගන්න එයි… 😄😄

Leave a Comment

Main News