අගමැති බේරාගන්න බැදුම්කර මුදල් පොම්ප කරයි.. මන්ත‍්‍රි ලංසුව තවත් ඉහලට..

March 27, 2018 at 2:10 pm | lanka C news
අගමැති බේරාගන්න බැදුම්කර මුදල් පොම්ප කරයි.. මන්ත‍්‍රි ලංසුව තවත් ඉහලට..

මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා උපයා ගත් මුදල් විශ්වාසභංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම සඳහා යොදා ගනිමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව කරළියට පැමිණීමත් සමඟම මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් ද ඉහළ ගොස් තිබෙන බව පැවසූ රණතුංග මහතා අගමැතිවරයාට රැකගැනීම සඳහා තිරය පිටුපස සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළ යුතු බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ නගර සභාව සහ ප්‍රාදේශීය සභාවට ‍තේරී පත් වූ සභිකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැති හමුවකට එක්වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව දැන් ජයග්‍රාහී මට්ටමකට ඇවිත් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි පමණක් නොවෙයි මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් පවා අපට සහාය දීමට ප්‍රතිඥා දී තිබෙනවා.

අද රටේ පොදු මතය වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගැමති තනතුරේ හිටියොත් මේ රට ආගාධයට වැටෙන එක වළක්වන්න බැහැ කියන එකයි. ඒ නිසා රනිල් අගමැති ධූරයෙන් ඉවත් කළ යුතුයි කියන කාරණය ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් එකහෙළා පිළිගන්නවා.

මේ තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ අගමැතිවරයා බලලෝභයෙන් මත්වෙලා කටයුතු කරපු ආකාරයයි. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය පුරාම තියෙන්නේ රට, ජාතිය පාවා ‍දුන් කතා පමණයි. ඒවා අපි තාවකාලිකව අමතක කළත් පසුගිය අවුරුදු තුනේ දී රටට කරපු හානිය සුළුවෙන් තකන්න බැහැ.

බැඳුම්කර වංචාව කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මුළුමහත් ආසියාවෙම වෙච්ච ලොකුම මංකොල්ලයයි. සිංගප්පූරුවේ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනල්ලා මේ මංකොල්ලය සිද්ධ වෙන තැනට වැඩ කළේ රනිල් වික්‍රමසිංහ කියන එක තවදුරටත් රහසක් නෙමෙයි.

අර්ජුන් ඇලෝසියස් කියන්නේ මේ මංකොල්ලයේ එක පුරුකක් විතරයි. ඒකේ මහමොළකාරයන් දෙන්නා තවම ඉන්නේ නිදැලේලේ. මංකොල්ල කාපු සල්ලි ටික තියෙන්නෙත් මේ මහමොළකාරයන්ගේ සාක්කුවලයි. අන්න එයාලා තමයි අද ආණ්ඩුව රකින්න මේ සල්ලි වියදම් කරන්නේ.

විශ්වාසභංග යෝජනාවට දින කිට්ටු වෙනකොට මන්ත්‍රීවරුන්ගේ වටිනාකම ඉහළ ගිහින් තිබෙනවා. අගමැතිට පක්ෂව ඡන්දය ගන්න මන්ත්‍රිවරුන් සල්ලිවලට බිලි බාගන්නවා ද කියන සැකය අපට තිබෙනවා. මන්ත්‍රීවරුන් බිලි බා ගන්න යොදා ගන්නේ බැඳුම්කර සල්ලි ද කියලා අපි වගකිවයුත්තන්ගෙන් අහනවා.

රනිල් ඉවත් කරන්න ඕනේ කියලා දැඩි මතයක ඉන්න මන්ත්‍රිවරුන් එකපාරටම වෙනස් මතයකට යනකොට අපිට සැක හිතෙනවා මේ මතය වෙනස් කරන්න සල්ලි කුට්ටි බලපෑවද කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ ‍තිරය පිටුපස වෙන මේ ජවනිකා ගැන විමර්ශනයක් කරන්න කියලා.

පසුගිය ජනාධිපතිවරණයේ දී එවකට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් එකා දෙන්නා හොරෙන් හොරෙන් සිංගප්පූරු ගිහින් සල්ලි මලු අරන් ආපු කතාව දැන් රටට රහසක් නෙමෙයි. එදා සිංගප්පූරුවේ ඉඳන් සල්ලි මලු විසි කළේ අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයද කියන එක හොයලා බලන්න ඕනේ.

මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ සල්ලිවලට විකිණෙන්න එපා. සල්ලිවලට තමන්ගේ ආත්මය පාවා දෙන්න එපා. එහෙම වුණොත් මුළුමහත් ජාතියම තමුන්නාන්සේලාට සාප කරයි. මේ රට බේරා ගන්න ලැබිලා තියෙන ස්වර්ණමය අවස්ථාව සල්ලි නිසා මඟහරින්න එපා.

ජනතා නියෝජිතයන් වශයෙන් මහජනතාව තමුන්නාන්සේලා පත්කරලා එව්වේ සල්ලි ටිකකට ඡන්දය විකුණන්න නෙමේ කියන කාරණය මතත තියාගන්න. දැන්වත් නිවැරැදි පැත්තේ හිටගෙන රටත් ජාතියත් ජයග්‍රහණය කරවීම සඳහා එකතු වෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

2 views

6 Comments to “අගමැති බේරාගන්න බැදුම්කර මුදල් පොම්ප කරයි.. මන්ත‍්‍රි ලංසුව තවත් ඉහලට..”

  1. Lanka says:

    Paradina bawa danena kota, kiyana dewal
    sitha niwana katha

    • Asaranaya says:

      මේ “ලන්කා” බත්බැලයෝ! විශ්වාස බන්ඟය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්,කොහෝමටත් රානි අලයා කුජීතයි

      • dharahan says:

        මන් ඒත් බැලුව මහින්ද ලොක්ක මේකට අත්සන් කරේ නැත්තෙ ඇයි කියලා. රනිල් හාමුගෙන් කීයක් ගත්තද දන්නෑ

    • ලංසි පැපොල් වලට lanka ත් සාක්කිලු.පරදින්න හරි බැංකු හොරුන්ට එරෙහිව කටයුතු කිරීම අපි සතුටු වෙන්න ඔනේ.

  2. Saradiel says:

    රනිල් හදන්නේ මුන් ලවා සියලු පජාතික වැඩ කරවා ඌ බිල්ලට දී රජ වෙන්නටය රනිල් අන්හිමේ හොඳ එකා වෙන්නට බලනු ඇත .

  3. Raawanaa says:

    Me lebila thibena swarnamaya awasthaawa pehera harinna epaa. mowun elawala,apata balaya denna newathath ape supurudu kappam sellam patan ganna.

Main News