මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

November 18, 2020 at 12:40 pm | lanka C news
මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සමඟාමීව, කිරි අම්මා දානයක් අද 2020.11.18  දින පෙරවරුවේ නාරාහේන්පි අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ඡන්ම දිනයට සමඟාමීව පැවති කිරි අම්මා දානය මෙවර පැවැත්වුයේ 18 වෙනි වරටය.

සෑම වර්ෂයකම ඡන්ම දිනයට සමඟාමීව පැවැත්වෙන මෙම දානමය කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසිනි.

ප්‍රථමයෙන් ආගමික වතාවත් වල නිරත වූ ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරුතර මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව, කිරි අම්මාවරුන් 76 දෙනෙකු උදෙසා කිරි අම්මා දානය පූජා කරන ලදී.

මෙහිදී, කොලොන්නාවේ ඉන්දු පෙරේරා මෑණියන් විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පත්තිනි මෑණියන් උදෙසා පූජාවක් පැවැත්වූවාය.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි හා පැමිණ සිටි සැදැහැවතුන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටන ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් ගැබිනි මාතාවන් සඳහා වියළි ආහාර මළු බෙදාදීම ද මීට සමඟාමීව සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සිරිපාල ගම්ලත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණරත්න මහත්ම මහත්මීන් ඇතුළු බැතිමතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

– රොහාන් වැලිවිට

17,774 views

29 Comments to “මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..”

  1. Lolla says:

    අයියෝ 75 ත් වයසක්ද….? තව 10 ක්‌ 20ක්‌ ඉන්න පුළුවන්

  2. Sena says:

    තව මදිද. රෝද පුටුවෙනුත් එන්න .කල්ල මරෙනේ. හිටපු අග විනිසුරු නොහිටින්න තාමත් හිර ගෙදර .

    • Chatura putha says:

      එහෙනම් බං බැංකු හොරා එලියෙ ඉන්නෙ.ඌව එලියට දැම්මෙ උඹෙ අප්පච්චිද​?

  3. Jagath says:

    හැබැයි සීයා ගේ කොන්ඩේ කලුම කලුයි

    • John the baptice says:

      Jagath –උබට එකට අමාරුද ? කටවහපන් බූරුවෝ ..අවමන් කිරීම උබේ ජන්මයෙන්ම ලැබුණු පුරුද්දක්ද ? උබලා වැනි බුරුවෝ රටට පිළිලයක් ..රටේ පාලකයන්ට ගෞරව කරපන් මෙලෙච්චේද 30වසරක LTTE ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ගරු මහින්දට අවමන් කරන්න එපා

  4. Kandy Whip says:

    There is no issue with Covod19 safety measures when leaders want to have B’day and tea party (after budget)but young ordinary couple wants to have wedding only 50 can participate. Why this double standards and is it fair to blame general public when new clusters break out

  5. Maha sinhale says:

    සුබ උපන් දිනයක් හෙළ බිම දිවි හිමියෙන් රැකගමු බුදු සරණයි

    • Saradiel says:

      ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට අපේ සුභ පැතුම්

  6. අඩ සියවසක් පුරා හුදී ජන හදවත් තුළ දෝංකාර දෙන ඔබතුමන්ගේ ආකර්ෂණීය මිනිසත්බවට ගෞරව ප්‍රණාමය පුදමු.
    චිරං ජයතු ගරු මැතිදුනි !

  7. Lakmal says:

    ape karumeta hari rate karumeta hari..labana awuruddewath me miniha nethi ratak pathamai

  8. duminda says:

    ඈ බං මට දැන් 40යි. මගෙ කොණ්ඩෙ සුදුවෙලා දැන්. දන්න කෙනෙක් කියහංකො මෙතුමගෙ තියෙන රහස.

  9. Sunil says:

    ඔබතුමා ඒකාලේ හදා ගත්ත නම තියාගෙන දැන් ගෙදරට වෙලා සුවසේ අවසාන කාලය ගත කලානම් නේද හොද. නැතිනම් එන චන්දෙ වෙනකන් ගෙදර යවනකම්ම හිටියොත් මහජනතාව ඔබව මෙළොව බිහිකළ මෑණියන්ට නේද බැනුම් අහන්ඩ වෙන්නෙ.

  10. Ras says:

    පූර්ව ජන්මයෙහි සද්දාතිස්ස මහරජතුමා සහ 5 වන පරාක්‍රමබාහු රජ වශයෙන් උපත ලැබු ඔබතුමාට උනුසුම් සුබ පැතුම්. මෙය මුරුන්ගා අත්තේ තැබීමක් නොව සත්ය වේ.කෙසේ වෙතත් සම්බුද්ද දේශනාව අනුව සියලු සන්ස්කාරයෝ අනිත්යයි. නැසෙන සුලුය. තව වසර 3ක් තුල යුගයක අවසානය සිදුවීමට ඉඩ ඇත.

    • Hoo says:

      ඔබව මෙළොව බිහිකළ මෑණියන්ට නේද බැනුම් අහන්ඩ වෙන්නෙ

Main News