අගමැති මහින්දට පාර්ලිමේන්තුවේ 120 ඉක්මවන බව එජාප ඇමති කියයි..
November 5, 2018 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුව කැදවන දිනයේදි අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 120 කට වැඩි දෙනෙකුගේ සහයෝගය ලැබෙන බව සංචාරක හා වනජිවි නියෝජ්‍යය අමාත්‍යය ආනන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
නියෝජ්‍යය අමාත්‍යයවරයා ඒ බැව් පැවසුවේ නාවලපිටිය ප්‍රදේශාවාසින් විසින් නියෝජ්‍යය අමාත්‍යවරයාව පිලිගැනිම සදහා පැවති උත්සවයක් අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආනන්ද අලුත්ගමගේ නියෝජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ අවශ්‍යතාවයට පමණක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ලබාගෙන පසුව එම මන්ත්‍රිවරුන්ව අතහැර දමන බවයි.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සමග එක්ව තමන් නාවලපිටිය ප්‍රදේශය පුළුල් සංවර්ධනය කර 2025 වසර තෙක් පවතින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් බලයට ගෙන ඒමට කැප වි කටයුතු කරන බවයි.
නියෝජ්‍යය අමාත්‍යවරයා පිලිගැනිමේ උත්සවය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.
මෙගා පොලිස් මතකද?,,,, කනපලෙන්න ගහලා කහ ඉරේ බුදියගන්න දැන් කාගේ බාදාවක්ද?, නේද?
JAYAWEWA JAYAWEWA JAYAWEWA
හරි පර්ලිමෙන්තුව කදවන්නකො. අපි බලමු 120ද? 54ද තියන්නෙ කියලා.
කැඳවනවා. බලහංකෝ එදාට උඹලාට කැඳත් නැතිවෙනවා
අැයි පරක්කු? තාම 113 නෑනේ?
මින් ඉදිරියට කිසි දවසක බටහිර ස්ත්‍රීවාදී සමලිංගිකවාදී කිසිම පක්ෂයකට ඡන්දයක් නම් දෙන්න එපා. නමුත් ඔබට එය නැවතත් අමතක වේවි.
Onna Mr Mega Poisgen, Mega Pachayak