අගමැති මහින්ද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ හමුවෙති…

September 15, 2021 at 6:20 pm | lanka C news
අගමැති මහින්ද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ හමුවෙති…

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහඳ හමුවක් (14) බොලොඤ්ඤා හි දී පැවැත්විණි.

ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යතුමා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී සුහඳ කතාබහකට එක් වූහ.

කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් සඳහා ඉඩ ලබාදීම ගැන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස පළමුව අග්‍රාමාත්‍යතුමාට සිය ස්තුතිය පුද කළහ.

අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලය තුළ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්වි පාර්ශවීය මිතුදම් හේතුවෙන් මේ දක්වා එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව ද පැමිණ සිටි පිරිස සිහිපත් කළහ.

මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් රැසකගේ කාලය සහ මුදල් ඉතිරිවන බව මෙහි දී සඳහන් විය.

අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර විස්සක සේවා කාලයකින් පසුව එරටින් ලබාදෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබාගැනීමේ හැකියාවක් උදාකර දෙන්නැයි පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම උපදෙස් දුන්නේය.

ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යතුමා ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතව ඇත.

මෙම හමුවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

23,108 views

13 Comments to “අගමැති මහින්ද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ හමුවෙති…”

  1. deleted video says:

    youtube වලින් ඉවත් කළ උදාර සම්පත් ගේ තවත් වීඩියෝවක් reupload to be සමහරවිට deleted
    https://youtu.be/0tdbbyVDWfk

    • මෙතන නොකපුදී වැඩක් බලග්න්නවද says:

      කාලකන්නි හිඟන්නා. අයියයි මාල්ලියි දෙන්නම එකයි. අපරාදේ මූට මෙඩිකල් ඩිග්‍රිය දෙන්න රජය වියදම් කරපු සල්ලි. ඊට වඩා හොදයි මූ සේලස් රෙ ප් කෙනෙක් වෙලා ගෙවල් ගානේ ගිහින් සැනිටයිසර් වික්කා නම්.

  2. Jagath says:

    ඒ හිටියේ අගමැති කාර්යාලයේ වැඩ කරන සෙට් එකක් නේද?? 😂😂😂😂

    • හොඳටම කරන ස්ටෝර්ස් says:

      යනකොට ලංකාවෙන් අරන් ගියපු සහ ඉතාලියෙන් හොයාගත්තු කුලී හේවායින් සෙට් එක. පේන්නේ නැද්ද ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ සෙට් එක වගේ.

      • Jagath says:

        හු කියද්දී චාටර් තමයි.වයසට ගියාම ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනේ කියන්නේ ඕකයි.

  3. කැලණියේ නයා says:

    ඉතාලි මල්ලිලා තව ටිකක් වැඩිපුර බල්ලො නාවල ඇපල් කඩලා සින්නෝරෙල බලාකියා ගෙන සල්ලි ටිකක් එවැන්ඩලා මෙහේ තව වී එයිට් ටිකක මන්ත්‍රීලට අලුත් සැප නිවාස ටිකක ලේකම්ලා දැසි දැස්සො ටිකකට පඩි නඩි සැප ටිකකට සල්ලි ඕනි.

    • 3% නැති ජෙප්පා says:

      අපෝ කතා දෙකක් නෑ මු නමි …න කොට ඉපදුන එකෙක්ම තමයි

  4. ගොන් බයි වහලා says:

    යකඩො මේ එම්බසියෙ වැඩ කරන උන් ටික නේද උනුත් ඔය වාඩි වෙලා ඉන්නව ඇත්තෙ ජොබ් එක බේර ගන්න ඕන නිසා

    • nirmal says:

      Anura D. is the ‘greatest’ I would say now.Why ? because he said the real truth to the face to Sajith ” Go & check your brain’! What more insult does the opposition & Sajith need more than this from its own opposition colleague? What a shameless one, definitely don’t wear underwear! That is why Dynamo is working? or NOT?

  5. jayantha says:

    ඉතාලිය ඉඳන් tie coat දැන් දැම්මට 80 % හොරෙන් ගිය එවුන් , (illegal) කිසිම education එකක් නැති එවුන්..””උන්ට හරිදේ වැරදි දේ තේරුම් ගැනීමට බැරිය”” .ඉතින් මේවගේ දේවල් නොවුනොත් තමා පුදුමේ.මෙතන 20 වත් නැනේ .”උන් හිතන්නේ නරකෙ දේ තමා හරි කියා” , මොකෝ මුන් වැඩිහරියක් ඔය රටට ගියෙත් වැරදි විදිහට නේ .උන් කොහොමද හොද නරක අඳුනන්නේ .අපේ නියම ජාතියේ පියාවන DS මහත්තයටත් අපහාස කරනවා .එකෙක් කියනවා උ පාරට බහින්න එනවලු .. මෝඩ හරකෝ පාරට බැහැපන් හරි දේට ..අහිංසකයන් ලක්ෂ ගානක් අපා දුක් විඳිනවා ලංකාවේ , එයාලවෙනුවෙන් පාරට බැහල උදව් කරපල්ලා ..ඉතාලියේ හිටියත් ගොනා තප්පුලනවා නේද ? තොපි වැනි අමනයන් මේ සිරිලක සිටියේ නැත.slaves are fully aware that they are not free

  6. Dengu Nona says:

    Benito Musolini ganath mathak wunaa nam hondaaaayi!

  7. sandhya says:

    මරනවා මම තඩි බලලා, වෙරි වූ මීයෙක් කියලා

    කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට

    රාලහාමිලා වගේ අය
    ගණන් ගන්නේ ඇයිද සුළු දෙය

  8. senaka says:

    මෙතන සමහර කොමෙන්ට් දැක්කම මෙච්චර කෙලියක් රටට කරලත් තවම මහින්දට කඩේ යන නුගත් වහල්ලු සෙට් එකක් ඉන්නවනේ අම්මපා. සනුහරේම ඉතාලියේ සැප ගන්නවා ඒ අස්සේ ඇමෙරිකන් කාරයා ඇමෙරිකාවේ සැප ගන්නවා. අපි මෙහෙ දුක් විඳිනවා

Main News