අගමැති පොහෝදා පෙහෙවස් සමාදම් වෙයි…

June 24, 2021 at 11:20 am | lanka C news
අගමැති පොහෝදා පෙහෙවස් සමාදම් වෙයි…

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යතුමා පෙහෙවත් සමාදන් කරනු ලැබූහ.

බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා සිය පොසොන් දින පණිවුඩයෙන් ද අවධාරණය කර තිබිණි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

21,319 views

6 Comments to “අගමැති පොහෝදා පෙහෙවස් සමාදම් වෙයි…”

  1. චන්ද දායක says:

    කායේන වාචා….විත්තේන……..සාදු….සාදු.

  2. Dengu Nona says:

    Horakam, thakkadikam aadiyen ek ras kara gannaa lada kusal sambhaaraye mahimayen Dev minis sapa kelawara nawathath lankaawe janaadhipathi weemata labewa!!

  3. ඕකවත් හරියට කරහං. දැන් ඕව ගැන් හොඳට හිතන්න ඕන කාලෙ

  4. ක්ලියපැට්රා says:

    මේවා ඔක්කොම රඟපැම් මිනිස්සු රවටන්න

  5. අගමැති බබා says:

    මෙහෙමත් රඟපෑමක්. පව් සමා කරගන්න නං නෝනත් එක්ක පල්ලියට යන්න වෙයි.

  6. Vis8 says:

    Great example! Fearless to show his religion.

Main News