අගමැති මහින්ද හා කැබිනට් මණ්ඩලය තව දුරටත් ක්‍රියාත්මකයි.. අභියාචනාධිකරණයෙන් ලෝක වාර්තා තබන නියෝගයක්..
December 5, 2018 at 10:17 pm | lanka C news
පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
පසුගිය 3 දා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබා දුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනු කර තිබුණු කො වොරොන්ටො පෙත්සමේ තීන්දුව දෙන තෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරේ කටයුතු කිරීමත් ඇමති තනතුරු දැරූ අය ඇමති තනතුරු කටයුතු කිරීමත් වලක්වා ලමින්. මහින්ද මැතිතුමා අගමැති ධූරයෙන් ඉවත් වී තනතුර පුරප්පාඩු වී ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවා ද? නෑ. ඇමති මණ්ඩලය විසිර ගොස් ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවා ද? නෑ. ප්‍රකාශ කර තිබෙන්නේ ඒ තනතුරු වල කටයුතු කිරීම වැලැක්වීමේ නියෝගයක් පමණයි. ඒ කියන්නේ මේ මොහොතේත් මහින්ද මැතිතුමා තමයි අගමැති. නමුත් ඔහුට අගමැති තනතුරේ කටයුතු කරන්න බෑ. අපි තවමත් ඇමතිවරු. හැබැයි ඇමති තනතුරේ කටයුතු කරන්න බෑ.
මේ තත්වය යටතේ දැන් අගමැති ඇමති තනතුරු වල පුරප්පාඩුවක් නෑ. ඉතින් ජනාධිපතිතුමා දැන් අළුත් ඇමති මණ්ඩලයක් පත් කරන්නේ කොහොමද? අපි ඇමති තනතුරු වල සිටින තෙක් අළුත් ඇමති මණ්ඩලයක් පත් කරන්න බෑ. මේ නිසා ජනාධිපතිතුමාට උසාවියේ තීන්දුව ලබාදෙන තෙක් ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. 1978 ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක පොතක් ලියූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා මෙම ව්‍යවස්ථාව අනුව ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් පත් විය හැකි බවට අනාවැකියක් පල කළා. එන් එම් පෙරේරා මැතිතුමනි, ඔබතුමා නැතත් ඔන්න ඔබේ අනාවැකිය අධිකරණයෙන් සැබෑ වෙලා තියෙනවා.
මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නෑ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් අපේ දැනුම වර්ධනය කර ගන්නත් එක්ක දන්නා කෙනෙක් අපට කියාවි කියලා බලාපොරොත්තු වෙනවා.
– අරවින්ද අතුකෝරල
N.M.PERRRA SAHODARAYA TA
MAL METAK.
GAMANPILA MATHI THUMANI
OBATA APE UPAHARA YA
Ane mey wagey higannek. Eda weala tours wagey makey ellila dasawa gaaney kal gewanawa
Comment keeyakatada umbe eda wela hamba wenne?
We are so blessed to have legal luminaries like Udaya
ජේ. ආර්. ජයවර්ධන දෙව්ලොව සිටින තාක් කල් එතුමා ගේ ව්‍යවස්ථාව පවතිනු ඇත. සිරිසේනට වන් මෑන් කබිනට් එකක් පවත්වාගන යාහැක. ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් කිරීම පමනි. එයද කළ හැක. “අද සිට සියලු ගැහැනුන් පිරිමින් වශයෙන් සලකනු ලැබේ” කියා ආඥවක් පැනවුවොත් එයද සිදුවේ (ස්ත්‍රී ලක්ශන ඇතත් නීතියෙන් පිරිමි බවට පත්වේ). ජේ.ආර්. පරාද වුනොත් පරාද වන්නේ කොල්වින්ට පමනි.
ඉතාම හොද නීති විග්‍රහයක්.
කවදාවත් තනියම නඩුවක් කතාකරල නැති, කවදාවත් උසාවියක දිනපු නඩුවකුත් නැති මේ ගෙවලයා කට අරිනකොටම දැන් මිනිස්සු දන්නවා නයා ගැරෙජ් එකෙන් ගෙට රිංගන්න සූදානම කියලා.මූ කරුණු පැහැදිලි කරන්න දින 365ම සාකච්ඡා තියනවා.මොකෙක්වත් ගනන්ගන්නෙ නෑ. අඩු තරමෙ මේ කියන නඩුවලටවත් මේ මිනිහා නිතිඥයෙක් හැටියට මැදිහත් වුනාද? නෑ.මූ වෙනුවෙන් කතාකරන්නෙත්වෙන නිතිඥයෙක්. ඒ වුනාට TNA වුනත් සුමන්දිරන් නඩුවකතා කරනවා.ගැලරිය පිනවන්න කෙප්ප කෙලින නරියෙක්.මුන් වගේ පරපෝෂිතයො තමයි මහින්දගෙ එල්ලිලා මහින්දව කෑවෙ.
ධනයෙන් හා ඉතා උසස් ඥාන මණ්ඩලයකින් සුපොහොසත්ව ඉපිද දෙස් විදෙස් සිප් කරළියේ හිනි පෙත්තටම නැග එහි ජය කෙහෙළි නංවා ,සිය මව්බිමට පෙරලා පැමිණ ඒ සියලු සැප සම්පත් පසෙකලා ඇත පිටිසර ගම් දනව් වලට ගොස් මැලේරියා රෝගීන් හට නොමිලේ ඖෂධ බෙදමින් ,අතිශය කටුක දිවියකට හුරු වෙමින් තම සමාජ මෙහෙවරටම කැපවූ ඒ අසහාය දේශපාලන,ආර්ථික පඬිවරයනෝ ආචර්ය එන්. එම්. පෙරේරා මැතිඳු ගැන මෙවන් මොහොතක රටට සිහි කැඳවීම ගැන ,අප උගත්,බුද්ධමත් උදය මැතිඳුට බොහොම පිං.
ඔබ තුමාගේ මතවාදයට ජයෙන් ජයම වේවා.