අගමැති මැදුරට හොරු පනී.. වටිනා භාණ්ඩ තොගයක් අතුරුදන්…

April 27, 2018 at 1:20 pm | lanka C news
අගමැති මැදුරට හොරු පනී.. වටිනා භාණ්ඩ තොගයක් අතුරුදන්…

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතාගේ මාධ්‍ය ඒකකය යටතේ තිබූ රජය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනා “ලැප්ටොප්” වර්ගයේ අලුත්ම පරිගණකයක් ඇතුළු පරිගණක සහ ඩිජිටල් වර්ගයේ නවීන කැමරා උපකරණ තොගයක් අතුරුදන් වී තිබේ.

පරිගණක සහ කැමරා උපකරණ ඇතුළු මේ රාජ්‍ය දේපොළ ලැයිස්තු ගත කර භාර දී තිබෙන්නේ සමන් අතාවුදහෙට්ටි මහතාට වන අතර ඔහු වෙනුවෙන් එම භාණ්ඩ පරීක්ෂා කර භාර ගෙන අරලිය ගහ මැදුරේ උඩු මහලේ කාමරයක ගබඩා කර යතුර භාර ගෙන ඇත්තේ රාජ්‍ය සේවයේ ලිපිකාරිණියක් ලෙස මාධ්‍ය ඒකකයට අනුබද්ධිතව සේවය කරන ශ්‍යාමලී කාරියවසම් මහත්මිය විසිනි.

මේ උපකරණ තොගය අතුරුදන් වී ඇති බව හෙළිවී ඇත්තේ අරලිය ගහ මැදුරේ සේවය කරන නිලධාරීන්ට ඇති වූ අවශ්‍යතාවයක් මත අදාළ ගබඩාවෙන් පරිගණක යන්ත්‍ර කිහිපයක් ගැනීමට ගිය අවස්ථාවේදීය.

ඒ අවස්ථාවේදී යතුර සිය භාරයේ තිබුණත් ගබඩාවේ දොර විවෘත කර තිබෙනු ශ්‍යාමලී කාරියවසම් මහත්මිය දැක ඇති අතර ඒ අනුව පරීක්ෂා කර බැලීමේදී මේ උපකරණ තොගය අතුරුදන් වී තිබෙනු ඇය දැක ඇත.

ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා දැනුවත් කර ඇති ඇය ඔහු මාර්ගයෙන් අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිල්ලක් කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම්වත් කර කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් කළ යුතු බවට යෝජනා කෙරුණු අවස්ථාවේදී එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතා කියා තිබෙන්නේ එසේ කළොත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් වගේම තමා සහ ශ්‍යාමලී කාරියවසම් මහත්මිය ද අපහසුතාවයට පත් වන නිසා එවැනි පැමිණිල්ලක් කළ නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර සිද්ධිය සමථයකට පත් කර ගනිමු යැයි ද හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එහිදී උපදෙස් දී තිබේ.

කෙසේ නමුත් අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කර කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වී නොමැති අතර අදාළ උපකරණ තොගය ද සොයා ගැනීමට නොහැකි වී ඇති බවය.

– lankanewsweek

54 views

21 Comments to “අගමැති මැදුරට හොරු පනී.. වටිනා භාණ්ඩ තොගයක් අතුරුදන්…”

  1. Hoo N P Kaaraya says:

    Rate deweni lokkage kaaryalaye horakamak welalu, policiyata paminili karanna epalu, godin beragamulu. E kiyanne horu inne athulema bawa pahadilei. Lajjawa saha horu bera ganimata karana nool suththara.
    Banku horawath aawda kiyala sewuwanam horu alla ganna puluwan wevi.

  2. wimal says:

    Now UNP is also branded as a Rouges’ Party , not second to MR’s Pohottuwa.

  3. Raawanaa says:

    oya horakama karapu ekaata beri unaada Ranilwath horakam karanna?

  4. ශාමලී අක්කි says:

    බඩුව හොරකම් කරලා නැහැ නෙ? ඉන්නවා නෙ,,,,ලැප් ..ටොප්…තියෙනවා නම පරිගණකය නැති උනාට මොකෝ.ඔබමු..ඔබමු..

  5. David Milli-banda says:

    Ammata siri !!!!!!!!!!!! Ara maithree Nonawa ussang gihillada bala piyaw……….

  6. Hitan@hutan.com says:

    අම්මට හුඩු,දුන්න මහ බැංකුවට කෙලිය අරලිය ගහ මන්දිරේට,
    දැන් කියාපං සද්ද විද්ද රං ගොංජො එක මයිල් ගහක්වත් නැති උඹේ ඔළුවට මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ?

  7. jayantha says:

    කව්ද මහත්තයෝ හොරුන්ට හොරකම් කරන්නෙ

  8. Ranarala says:

    Ethuleth horu pitath horu udath horu yatath horu. Kawsa hora kawda hora !!! Mamamai hora !!!

  9. simion says:

    පැන්නා නෙමෙයි අප්පා….අපිට ඉන්වයිට් කරා…හොරුන්ගෙයි කම්බා හොරුන්ගෙයි පාටියකට….

Main News