අගමැති, මුදල් ඇමති රටේ නෑ.. විධායක ජනාධිපති බලවත් වේ.. කැබිනට් තීරණයන් වෙනස් කිරිමෙන් ව්‍යාපාර ප්‍රජාව කැලඹේ.. එජා පාක්ෂිකයින් කලබල වේ..

January 18, 2017 at 10:40 am | lanka C news
අගමැති, මුදල් ඇමති රටේ නෑ.. විධායක ජනාධිපති බලවත් වේ.. කැබිනට් තීරණයන් වෙනස් කිරිමෙන් ව්‍යාපාර ප්‍රජාව කැලඹේ.. එජා පාක්ෂිකයින් කලබල වේ..

අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ආර්ථික සමුළුවකට සහභාගි වීම සඳහා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නගරයට ගොස් සිටින අවස්ථාවක පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් දැඩි ව්වේචන කොට ගනු ලැබූ තීරණයන් වෙනස් කිරීම නිසා ව්‍යයාපාර ප්‍රජාව කැලබීමට පත්ව ඇත. ඔහුන් රටින් බැහැරව සිටින විට වැඩ බෑලිමේ අගමැතිවරයෙකු හෝ මුදල් ඇමතිවරයකු පත් කිරීමක් සිදු කොට ඇති බව ජනතාව නොදනී.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේන් බැහැරව සිටින මෙවැනි අවස්ථාවක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හරහා අමාත්‍ය මණ්ඩලය තුල ගැටුම් ඇතිකොට පක්ෂ නායකත්වය විවේචන වන අන්දමේ කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඉඩ හැරිම නිසා එක්සත් ජාතික පක්ෂ අගමැතිවයෙකු යටතේ ඇති ආණ්ඩුවක් බැවින් පාක්ෂිකයින් මහත් සේ කලබලයට පත්ව ඇත.

මුදල් අමාත්‍යවරයා ජාතික ලොතරයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරයි මණ්ඩලවල පාලන අධිකාරියේ ඉල්ලීම අනුව ලොතරයි මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අමාත්‍ය මණ්ඩලයේ දෙවෙනියා වන අගමැතිවරයා හෝ සම්ප්‍රදායානුකූලව තුන් වැනියා වන මුදල් අමාත්‍යවරයා නොසිටි අවස්ථාවක මුදල් අමාත්‍යවරයා ගනු ලැබු තීරණයක් ජනාධිපතිවරයා විසින් ඔහු රටේ නොමැති අවස්ථාවක මෙන්ම රටේ අගමැතිවරයා ද නොමැති අවස්ථාවක වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ධූරයේ ඇති සුවිශේෂ බලය පාවිච්චි කිරිමක් ලෙස විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම වෙනුවෙන් පෙනි සිටි සිවිල් සංවිධාන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සම්පාදකයින් ගේ මතයයි.

නිවාස ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 6 ක් පසුගිය අයවැයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කොට තිබු බවට පුරසාරම් දොඩමින් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය අයවැය සම්බන්ධව කතා කලද ඔහු විසින් අයවැය යෝජනාවේ තිබු ගනන් මිමි වරදවාගෙන ඇති බව පැහැදිලි වනුයේ එම රුපියල් බිලියන 6 න් 3 ක්ම රිෂාඩ් බදුර්දින්ට උතුරු පලාතේ අවතැන් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව නිවාස සැදිමට ලබා දීමයි. තව බිලියනයක් වතුකරයේ නිවාස සැදිමට පලනි දිගම්බරම් අමාත්‍යවරයාට වෙන් කොට ඇති අතර ස්වාමිනාදන් ඇමතිවරයා විදේශ ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් බිලියන 7 ක් නිවාස වෙනමම උතුරේ සෑදිමට කටයුතු කරගෙන යයි.

143 views
Main News