අගමැති, මුදල් ඇමති ස්විස්ටර්ලන්තයේ ඩාවොස් හී පැවත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර චීනයේ ප්‍රධාන බැංකුවකින් ණය ඉල්ලයි…

January 19, 2017 at 12:22 am | lanka C news
අගමැති, මුදල් ඇමති ස්විස්ටර්ලන්තයේ ඩාවොස් හී පැවත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර චීනයේ ප්‍රධාන බැංකුවකින් ණය ඉල්ලයි…

පසුගිය ඉරිදා ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගිය ශ්‍රීලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවි කරුනානයක යන මහත්වරුන් ඩාවොස් නුවර ලෝක ආර්ථික සමුළුව පැවත්වෙන අතරතුර චීනයේ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ AIB සභාපති ජින් ලික්කුන් Jin Liqun මහතා මුණගැසී ශ්‍රීලංකාව ණය ලබාගැනීමට සාකච්ඡා කලහ.

ඊයේ පැවති මෙම සාකච්ඡාවේදි ශ්‍රීලංකාවේ මහාමාර්ග, ගුවන් තොටුපොළ, වරාය, දුම්රිය මෙන්ම නාගරික සංවර්ධනයට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනිමට අගමැති හා මුදල් ඇමති එම බැංකුවේ සභාපති සමග සාකච්ඡා කල අතර බැංකුවේ සභාපතිවරයා එසේ ණය ලබාදීමට එකග වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසු බව EconmyNext සඟරාව පවසයි. එම සාකච්ඡාවේ ගත් ඡායාරූපයයක් ද ඒ සමඟ පලකොට ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ දි චීනයන් වැඩි පොලියට ණය ලබාගත් බව පැවසු වත්මන් පාලකයින් චීනයේ ප්‍රමුඛව ඇති බැංකුවලින් විශාල වශයෙන් මේ දිනවල ණය ලබා ගැනීමට කටයුතු කරමින් පවති.

මූලාශ‍්‍රය මෙතනින්

44 views
Main News