අගමැති රනිල්ගේ ආචාර්ය උපාධියට ප‍්‍රබල ඇමතිට ඊරිසියා හිතේ… තමනුත් ආචාර්ය වෙන්න සරසවි සොයා ලෝකය පීරයි..

February 16, 2017 at 10:40 am | lanka C news
අගමැති රනිල්ගේ ආචාර්ය උපාධියට ප‍්‍රබල ඇමතිට ඊරිසියා හිතේ… තමනුත් ආචාර්ය වෙන්න සරසවි සොයා ලෝකය පීරයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට  ඕස්ටේ‍්‍රලියානු ඩෙකින් සරසවියෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීමත් සමග ආණ්ඩුවේ තවත් ප‍්‍රබල ඇමතිවරයෙක්ද තමනට ආචාර්ය උපාධියක් ලබා ගත හැකි මගක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දන්වා ඇත.

එවන් විශ්ව විද්‍යාල වෙතොත් ඔවුන් හා සම්බන්ද වී ඊට අයදුම්පත්ද යොමු කරන ලෙස එකී ඇමතිවරයා උපදෙස් දී ඇත.

මේ අනුව ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය මෙම දින දෙක තුලදී අන් සියළු වැඩ පසෙක ලා ඇමතිවරයාට ආචාර්ය උපාධියක් ලබා ගත හැකි සරසවියක් සොයමින් අන්තර්ජාලය පීරමින් සිටින අතර ඇතැම් සරසවිවලින් වැඩි දුර විස්තර ඉල්ලා විද්‍යුත් ලිපිද යොමු කර ඇත.

68 views
Main News