අගමැති රනිල්ගේ නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩ තැබීම අක්‍රිය කරයි..

April 12, 2019 at 3:50 pm | lanka C news
අගමැති රනිල්ගේ නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩ තැබීම අක්‍රිය කරයි..

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත යෙමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.

2019-04-12
ගරු කථානායකවරයා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

ගරු කථානායකතුමනි,

මහජනතාව හා මහජන නියෝජිතයන් අතර ඇති ඍජු සබඳතාව ගොඩ නැංවීම

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ය. ඒ අනුව ජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරනා නමුත්, එම නියෝජිතයන් හා මහජනතාව අතර සෑහීමකට පත්විය හැකි සබඳතාවක් හෝ වගවීමක් ඇති වන්නේ නැත.

තවද, මන්ත්‍රී වරප්‍රසාද හා ඔවුන්ට පැවරෙන කාලකණ්ණි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති රැකීමේ වගකීම් නිසා ඔවුන් මහජනතාව සමඟ ඇති සබඳතාවෙන් හා වගවීමෙන් තවදුරටත් ඈත් වේ. සතියේ දින 7 ක් ඇති නමුත්, පරමාධිපත්‍යය වූ මහජනතාවට නියමිත වශයෙන් ඔවුන්ව හමුවීමට හැක්කේ ඉන් එක් දිනයක පමණි.

ඒ හේතුවෙන් මහජන නියෝජිතයන් සමාජයේ මහජනතාවගේ මානසික තත්ත්වය හා හැසිරීම ගැන කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කරනා අතර, එහි උච්චතම අවස්ථාව ලෙස මෑතකදී රථ වාහන හා මාර්ග ආරක්ෂාව යන විශයට අදාළ අධ්‍යාපන සුදුසුකම් නැති, මිනිස් ස්වභාවය ගැන අවබෝධයක් නැති, සමාජය ගැන අවබෝධයක් නැති, පොලිසියේ දූෂණය ගැන අවබෝධයක් නැති, මුදල් හා ලිංගික අල්ලස් ගැන අවබෝධයක් නැති, මානසික රෝගීන් වැනි පිරිසක් විසින් සකස් කෙරූ රු. 25,000 – 150,000 දක්වා දඩ මුදල් සහිත නීති කෙටුම්පතක් මෑතක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එය එසේ සිදු වන්නේ පොලිසියේ දූෂණය පාලනය කිරීමට මෑත ඉතිහාසයේ කිසිදු නීති සම්පාදනයක් කර නොමැති පසුබිමක් තුලදී ය.

තරුණ කම නිසා තම දරුවා කෙරූ වරදක් නිසා හෝ තම ස්වාමි පුරුෂයා බේබදු කම නිසා කෙරූ වරදක් නිසා, අධික දඩ මුදල් හමුවේ මූල්‍ය වශයෙන් අසරණ වී, මවට හෝ එම බිරිඳට ලිංගික අල්ලස් ලබා දීමට සිදුවන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම ඔබ ඇතුළු රටේ මහජන නියෝජිතයන්ගේ හා සමස්ත පාර්ලිමේන්තුවේ වගකීමකි.

මහජන නියෝජිතයන් පත්වන්නේ මහජන මුදලින් ඔවුන්ගේ දේශපාලන ලෝකවල සුඛිත මුදිත ජීවිත ගත කිරීමට නොව, පැය 24 ම ජනතා සේවයට කැපවීමට බැවින්, මහජනතාව හා මහජන නියෝජිතයන් අතර ඍජු සබඳතාව ගොඩ නැංවීය යුතුය.

ඒ අනුව –

1. මහජනතාවට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව පෙ.ව. 8.30 – ප.ව. 5.00 ත් අතර කාල වේලාවේ දී ඍජුව දුරකථනයෙන් හා කෙටි පණිවිඩ හරහා සම්බන්ධ කර ගත හැකි ජංගම දුරකථන අංක ලැයිස්තුවක් හා,
2. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පදිංචිව සිටිනා, නිලා හා පෞද්ගලික නිවාසවල ලිපිනයන් ලැයිස්තුවක් හා,
3. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිතා කරනා විද්‍යුත් තැපෑල ලිපිනයන් ලැයිස්තුවක් හා,
4. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල කාර්යාලවල ලිපිනයන් ලැයිස්තුවක් හා,
5. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල හෝ පිටුවල අන්තර්ජාල ලිපිනයන් ලැයිස්තුවක්

යන තොරතුරු 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත යටතේ අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩ ලැබීමේ සේවාව අක්‍රිය කර ඇති බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද යන්න ඔහුට පැහැදිලි කර දී, එය නැවත සක්‍රිය කිරීම ඔහුට උපදෙස් ලබා දෙන ලෙසට අපි තවදුරටත් ඉල්ලා සිටිමු.

මහජන නියෝජිතයන් හා මහජනතාව අතර ඇති සබඳතාව ආරක්ෂා කිරීම කථානායකවරයා ලෙස ඔබේ ඍජු වගකීමක් බැවින් මේ ලැයිස්තුවල දත්ත ප්‍රසිද්ධ කරමින්, ඒවා මසකට වරක් යාවත්කාලීන කරන ලෙස ද අපි මින් ඉල්ලා සිටිමු.

– මහජන අයිතීන් සුරැකීමේ පදනම

83 views

5 Comments to “අගමැති රනිල්ගේ නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩ තැබීම අක්‍රිය කරයි..”

  1. Vesamuni says:

    akriya koranta eththe honda honda messages hama wenta ethi.

  2. සිංහල බන්ඩා says:

    ඔන්න ඕක නිසා තමය් අපි රනිල්ට ‘අගමැටි’ කියන්නෙ. හැබැය් අගමැටියා මේ දැන් මට අලුත් අවුරැදු සුබ-පැතුම් එවා තිබෙනවා. අගමැටිගෙ අම්මට සුබ පතන්න විදිහක් නැතුවය් ඉන්නෙ.

    • මර්වින් සිල්වා says:

      එහෙනමි ඉතිං උඹෙ අමිමට සුභ පතන්න මං එන්නං.

      • සිංහල බන්ඩා says:

        අපේ අම්මා තාත්තා දෙන්නම දැන් දිව්‍යලෝකෙ. සෝහෝ වලින් ගොනෙක් එවන්නද?

  3. Gone gota says:

    Me thawa pal horek bala thanhawa…

Main News