අගමැති රනිල්ගේ යෝද කටවුට් එකක් විනාශ කරලා.. පොලිස් පරීක්‍ෂණ..

December 29, 2018 at 6:48 pm | lanka C news
අගමැති රනිල්ගේ යෝද කටවුට් එකක් විනාශ කරලා.. පොලිස් පරීක්‍ෂණ..

රනිල් වික්‍රමසිංහ මහතා යලිත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දිමෙන් පසු අග්‍රාමාත්‍යයවරයාට සුභ පතා නාවලපිටිය නගර මධ්‍යයේ සවි කර තිබු විශාල කටවුටයක් ඉරා විනාශ කිරිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය  පරික්ෂණ ආරම්භ කර තිබේ.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා විසින් නාවලපිටිය නගර සභාවේ හා නාවලපිටිය ප්‍රදේශවාසින්ගේ  සුභ පැතුම් එක් කරමින් එම කටවුටය සවි කර තිබුණි.

රාත්‍රියේ  කිසියම්   පිරිසක් එම කටවුටය හිතා මතා ඉරා විනාශ කර ඇති බව නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේය.

කටවුටය ඉරා දැමිම සම්බන්ධයෙන් නාවලපිටිය ප්‍රදේශයේ  එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි සමාජිකයෙකු විසින් කරන ලද පැමිණිල්ල මත  නාවලපිටිය පොලිසියේ නිලධාරින් පිරිසක්  විසින් නගරයේ සවි කර ඇති සිසිටිවි කැමරා දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

93 views

11 Comments to “අගමැති රනිල්ගේ යෝද කටවුට් එකක් විනාශ කරලා.. පොලිස් පරීක්‍ෂණ..”

  1. roy says:

    Not only Ranil’s, but all the cut outs of Politicians should be banned.

Main News