අගමැති රනිල්ගේ සන්ධානයට මා සියයට ලක්‍ෂ වාරයක් එකගයි..- සජිත්ගෙන් නිවේදනයක්..

August 9, 2019 at 6:48 pm | lanka C news
අගමැති රනිල්ගේ සන්ධානයට මා සියයට ලක්‍ෂ වාරයක් එකගයි..- සජිත්ගෙන් නිවේදනයක්..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානයක් හැකි ඉක්මනින් පිහිටුවිය යුතු බවට මා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව ද අද දින පුවත්පත්වල පළවී තිබේ.

එවැනි සංධානයක් පිහිටුයීමට මා සීයට සීයක්ම නොව සීයට ලක්ෂවාරයක් එකගය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය මෙන්ම එකී සන්ධානයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරයද දරන ස්ථාවරය අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවය.

මා පෞද්ගලිකව දරන මතයද එයයි.

එසේ කළොත් පමණක් යෝජිත සන්ධානය නිර්මාණය වනවා පමණක් නොව ඊට තවත් පක්ෂ සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකතු වී ජයග‍්‍රාහී සන්ධානයයක් බවට පත්වුණු නොඅනුමානය.

අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පළමුව ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීමයි.

සජිත් ප්‍රේමදාස
නියෝජ්‍ය නායක
එක්සත් ජාතික පක්ෂය

34 views

10 Comments to “අගමැති රනිල්ගේ සන්ධානයට මා සියයට ලක්‍ෂ වාරයක් එකගයි..- සජිත්ගෙන් නිවේදනයක්..”

  1. Nilu says:

    Yes, Sajith you are correct this time.

  2. Bold Citizen says:

    Slowly but steadily a ‘genuine leader’ is emerging for the betterment of this country and it’s people..

    • Janaka from Mathara says:

      Yes, that emerging leader will follow the foot-steps of his late father and re-create an environment of floating
      young bodies in the lakes & rivers and burning youth alive in tyre fires.

    • Fass says:

      Joke of the day…

      • Rata Wenuwen says:

        මුන් කෙලින්නෙම පිස්සු, මොලේ අදෝ මාර්ගයට වැටිලා

      • Janathaawa says:

        Since 1977, U.N.P. has become a party,which gives more priority to the demands of the minorities ( although some of their demand had been extremely dangerous to the national interests and security)rather than interests of the majority race,seeking their votes to come to power. The nation have witnessed recently the consequences of such short _sighted decisions and more would be to be seen.The people must act wisely.

  3. Karu says:

    මෙය ඇත්තය. චම්පික චතුරලා වගේ අනුන්ගෙ කරේ වහන මැක්කන්ට එ.ජා.ප.ය. යටත් විය යුතුද? උන් කිසි චංදයක් ඇති එවුන් නොවේය. රනිල් කරන්නේ බොරුවකි. මොන සන්ධානය හැදුවත් අපේක්ෂකයා රනිල්ය.තීරණය සන්ධානයට දාන්නේ සජිත් පිලට බයේය. එතන ඉන්නේ රනිල්ගේ ඇම්බැට්ටයන්ය.

  4. UNP GAL IBBA says:

    පලයන් තූත්තු කුඩියේ තියනව ලොඹකුට්ටි දේවාලය එකේ ගිහින් හෙලුවැල්ලෙන් ඇවිදපන් කොරපු බොරු වහගන්න එතකොට දිනාවී මෙදාපාර​???????????

  5. Think Tank says:

    If elected as Prez of this country, SP will finish off all the remaining treasures buried by our ancient kings.