අගමැති රනිල්ට ආණ්ඩුව ගෙන යා හැක්කේ මාස කිහිපයක් පමණයි..

December 21, 2018 at 6:30 am | lanka C news
අගමැති රනිල්ට ආණ්ඩුව ගෙන යා හැක්කේ මාස කිහිපයක් පමණයි..

පවත්නා දේශපාලන තත්වය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව ගෙන යා හැක්කේ මාස ගනනක් බවත් මෙය තේරුම් ගෙන ක්‍රියා නොකළහොත් එජාප යට අත් වන්නේ ඛේදනීය ඉරණමක් බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

අවස්ථාවාදීන් හා බෙදුම්වාදීන් එකතු කරගෙන බහුතරය පෙන්වා ආණ්ඩුවක් ගත්තද මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින පොදු ජනයාගේ ඉදිරි නැගී සිටීමේ ප්‍රබලත්වය හමුවේ උදා වන වෙසක් පොහොයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම හැර වෙනත් විකල්පයක් නැති බවත් හෙට්ටිගේ මහතා පැවසීය .

ඒ මහතා එසේ කීවේ බත්තරමුල්ලේ දී දේශපාලන ක්‍රියා කාරිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සුහද හමුවකට එක් වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

‘අද දේශපාලනය මඩ ගොහොරුවක් වෙලා .ජනතාව තුළ බොහෝ දේශපාලකයන් ගැන ඇත්තේ අප්‍රසන්න පිළිකුල් සහගත හැගීම් .රටට ලොකු විපතක් සිදුවේගෙන යද්දී ඒ අය ලජ්ජා බය නැතිව හැසිරෙනවා .රටට මොන විනාශය වුනත් ඒ අයට ඇත්තේ ආත්මාර්ථය පමණයි .අවුරුදු තුන හමාරකට වැඩි යහපාලන ආණ්ඩු කාලය රටට කළ හානිය අති විශාලයි .
ඒ විනාශය දැකල තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තය මහ මැතිවරණය ලබා ගන්නා තෙක් අගමැතිකම ගත්තේ .ඒ පුංචි කාලය තුළ ජනතාව හා රට වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ගන්න හැකිවුණා .

අධිකරණය තීන්දු කළේ කලින් මහ මැතිවරණය බෑ කියල .ඒ තීන්දුව ගැන බොහෝ දෙනාගේ අදහස අපි දන්නවා .ඒක හරි පුදුම හිතෙන තීන්දුවක් කියල ඇතැම් දෙනා කතා කරන්න පටන් ගත්තා ,ජනාධිපතිවරයාත් මේ ගැන කතා කළා .

මහින්ද රාජපක්‍ෂ මහත්තයට ප්‍රතිගාමී බලවේග එකට එක්වී පහර දෙන්න පටන් අරන් .මේ ජනකාන්ත නායකයා වට්ටන්න කාටවත් බැහැ .ලගදීම එතුමාට මේ රටේ නිසි තැන ලැබෙනවා .ජනතාව සිටින්නේ කවුරුන් සමග දැයි ඉදිරි මැතිවරනයකදී දැකගන්න පුලුවන් වෙයි .

සමහරු පොහොට්ටුව වටා ඇති මහ ජන බලයට බය වෙලා .තමුන්ගේ පක්‍ෂය ගැන බලා ගන්නේ නැතුව මහින්ද මහත්තය ඉන්න පක්‍ෂය මොකද්ද කියා දෙමළ සන්ධානය අහනවා .රටට ආදරය කරන ඕනෑම දේශපාලන පක්‍ෂයක් සමග එක්ව කටයුතු කරන්න එතුමාට කාගෙන්වත් අහන්න ඕනෑ නෑ ,

අවස්ථාවාදීන්ට බෙදුම්වාදීන්ට හා විජාතික බලවේගවලට යට වී යන මේ රට ගොඩ ගැනීමේ සටන අප ඉක්මනින් ආරම්භ කළ යුතු වෙනවා’.

39,298 Viewers

2 Comments to “අගමැති රනිල්ට ආණ්ඩුව ගෙන යා හැක්කේ මාස කිහිපයක් පමණයි..”

  1. Asaranaya 1 says:

    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නෙ,
    ඇස් තිබුනත් මොටද නොබලන මිනිසුන්නේ,
    නිස් සන් නැති රටක පුස්සන් වැජඹෙන්නේ,
    තිස් සෙම සිතමි ගිනි ගොඩකයි අප ඉන්නේ.

  2. sudelmi says:

    ලොක්ක කීවෙත් ඕක තමා රනිල් පුද ඉදල ආපු හැම පෝයක් ලන්වෙදීම පෙරලනවා කිව්වා . කෝ පෙරලුවද අනෙක මාස ගානක් කියන්නේ දවස් ගානකට වැඩ වැඩි අපිට අහන්න තියෙන්නේ දැන් සැපද. පෝයට පන්සලට ගිහිල්ල ලොක්ක එක්ක සිල් ගන්නවා හලෝ අව මෙතන ආණ්ඩු හදන්න

Main News