අගමැති රනිල්ද පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. දැන් ඉතිරි ජනපති විතරයි..

June 22, 2019 at 11:20 am | lanka C news
අගමැති රනිල්ද පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. දැන් ඉතිරි ජනපති විතරයි..

අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

එමෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට ද එහි පෙනී සිටින ලෙස ලෙස දන්වා ඇත.

හිටපු නීතිය හා සාමය ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක යන මහතුන්ට ද එහි කැදවීම් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආරක්‍ෂක, නීතිය හා සාමය ඇමති ධුරය දරමින් සිටින අතර ඔහුද කමිටුව හමුවට කැදවිය යුතු යයි යෝජනා කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

7 views

7 Comments to “අගමැති රනිල්ද පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. දැන් ඉතිරි ජනපති විතරයි..”

  1. yvonne- chula says:

    next sirisena – ane yako topilage weradi topima waganna hadana heto

  2. RAYMOND says:

    මේ අයගෙන් අහන්න ඕනෑ ඒවා සහ උත්තර මුලින්ම ලබා දේවි හැබැයි සරත් ෆොන්සේකා මැතිතුමා නම් යමක් අහයි

  3. danuskha says:

    අගමැති කැඳවලා වැඩක් නැ. රාජ්‍ය ආරක්ශක ඇමති ජනපතියි.

  4. Rata Wenuwen says:

    කමුටුව වතුර බේසම්, සබන් ගෙනල්ල මුන්ගෙ අත්වල ලේ හෝදන්නයි ලෑස්තිය, වියසනය වී මාස, දෙකයි ,අන්තිමේදි ගහපු බෙරයකුත් නැහැ ,බෙරේ පලුවකුත් නැහැ, ඔය කතන්දරය හරියට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම් , මධුශ්ගෙ නඩුව ඇසීම්, වේලේ සුදාගෙ නඩුව ගොනුකිරීම, මහාබැන්කු හොරකම ? ඔක්කොම පුස්ස බින්දා වගේමයි,

  5. පොරමෝලා says:

    එජාපෙ සහ උන්ගේ ඇම්ඹැට්ට පක්ෂ වල සෙට් එක මැතිවරණ වැඩ සඳහා අටවා ගත් වේදිකාවක්

  6. Aurora says:

    ඕක හරියට මහබැංකු හොරකම් කොමිසමට රනිල් සාක්කි දුන්නා වගෙයි. වෙනස අමාරු ප්‍රශ්ණ අසාවි යයි සැකයෙන් දප්පුල ලිවේරා ඉවත්කර ජයන්ත ජයසුරිය ආදේශ කල කොටස පමණයි. ඒක අවශ්‍ය නොවන්නේ කොසමේ දැනට සිටින සියල්ලෝම ජයන්ත ජයසුරියල වීමයි. හැබැයි ඔය කොමිසමට විමල් හෝ ගම්මන්පිල හෝ මේ මොහොතේ හෝ සම්බන්ධ වුනොත් රනිල්ට කොමිසමේදී බඩයනවා දැකගත හැකියි.

  7. Mangala says:

    Horage ammagen pena ahanawa wage Ranil kohomada kamitu path karanne. Anthimedi waradikaraya Sirisena kiyala okkoma minihage pitin yawala janapathi putuwata kurumanam allanawa. Api nodanna lokoththaraya.Ranilge hama wadakma rata wenuwen nowe kumana andame winashayak karala hari janapathi putuwe wadiweema.

Main News