අගමැති රනිල්ම නොවෙයි..- සජිත් පිල කියයි.. || අගමැති රනිල්මයි..- රනිල් පිල කියයි.. එජාප ගැටුම එලියට පනී..

October 27, 2019 at 6:22 am | lanka C news
අගමැති රනිල්ම නොවෙයි..- සජිත් පිල කියයි.. || අගමැති රනිල්මයි..- රනිල් පිල කියයි.. එජාප ගැටුම එලියට පනී..

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙස පත් වූ පසු අගමැති ලෙස පත් කරන්නේ ජනතාව විසින් තෝරන පුද්ගලයෙක් බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

අගමැතිවරයා ලෙස පත් කරන්නේ දක්‍ෂම පුද්ගලයා යයිද ඒ මහතා පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

නමුත් එම අදහස බැහැර කරමින් ඇමති රවි කරුණානායක මහතා සදහන් කලේ අගමැතිවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ඒ සදහා පක්‍ෂ සම්මේලනයේදීද අනුමැතිය ලබා දුන් බවත්ය.

146 views